22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Thursday, 30 June 2022 - 7:51

22+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
විධායක ජනාධිපති ක්‍රමය සඳහා 20 වැනි ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල පිළිබඳව රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගතව ඇත්තේ පවතින අර්බුදකාරී සමාජ, ආර්ථික හා දේශපාලන පසුබිම තුළයි.

ඒ අනුව අධිකරණ අමාත්‍ය විජේදාස රජපක්ෂ මහතා විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවුණා.

එම සංශෝධනය මේ වනවිට ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ද්විත්ව පුරවැසිභාවයක් හිමි අයෙකුට පාලන කටයුතුවලට සම්බන්ධවීමට ඇති හැකියාව මෙම නව සංශෝධනය මගින් අවහිර කර තිබෙනවා.

ඒ අනුව වෙනත් රටක ද පුරවැසියෙකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම නොවිය යුත්තක් බව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දැක්වෙනවා.

අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් මෙම ව්‍යවස්ථා සංශෝධනයේ දක්වා ඇත්තේ ස්වකීය අත්සන මගින් ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුණහොත් අග්‍රාමාත්‍යවරයා සිය ධුරය දැරීමට නුසුදුසු වෙයි.

ඒ හැර යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලය සක්‍රීයව පවතින්නේ ද එතෙක් අග්‍රාමාත්‍යවරයා සිය ධුරය දරණ බවයි 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දැක්වෙන්නේ.

එසේ වුව ද මෙම පනත ක්‍රියාත්මක වන දිනයෙන් ආරම්භ වන සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත කාල පරිච්ඡයේදී අග්‍රමාත්‍යවරයා කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය අහිමිවී ඇති බවට ජනාධිපතිවරයාගේ මතය වන්නේ නම් අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කළ හැකි බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන්.

මීට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් ස්ථාපිත කිරීම සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව මෙන්ම විගණන කොමිසමක් පිහිටුවීමක් ද මෙම නව සංශෝධනයේ ඇතුළත්.

සම්පූර්ණ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙතැනින් කියවන්න..


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories