පෞරාණික පිළිමයක් වංචනික ලෙස විකිණීමට තැත් කළ පුද්ගලයකු අත්අඩංගුවට

Thursday, 30 June 2022 - 8:43

%E0%B6%B4%E0%B7%9E%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
විශේෂ කාර්ය බලකා වව්නියාව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොරගොඩ පොලිස් වසමේ මෙගොඩවැව, මොරගොඩ ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර තිබෙනවා.

ඒ ඊයේ (29) වැනි දා යි.

නිවසක් තුල දී සිදු කළ එම වැටලීමෙන් අත් අඩංගුවට ගෙන් ඇත්තේ, පෞරාණික වටිනාකමක් ඇති රත්‍රං බවට සැක කෙරෙන පිළිමයක් වංචනික ලෙස විකිණීමට තැත් කිරීම සහ බලපත්‍ර‍ නොමැති ව බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක්.

සැකකරු මෙගොඩවැව, මොරගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක පුද්ගලයකු බවට යි පොලිසිය වාර්තා කරන්නේ.

වැඩිදුර විමර්ශන කටයුතු මොරගොඩ පොලිසිය විසින් සිදු කරනු ඇති.

අත්අඩංගුවට ගත් භාණ්ඩ

පෞරාණික වටිනාකමක් ඇති රත්‍රං බවට සැක කෙරෙන පිළිම 01යි
බෝර 12 වර්ගයේ අවිය සදහා භාවිතා කරනු ලබන ජීව උණ්ඩ 09යි


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories