පිලිපීනයේ ආඥාදායකයාගේ පුතණුවන් අද දිවුරුම් දෙයි

Thursday, 30 June 2022 - 10:01

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%A5%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පිලිපීනයේ නව ජනාධිපතිවරයා ලෙස ෆර්ඩිනන්ඩ් මාර්කෝස් ජූනියර් අද (30) මැනිලා නුවර ජාතික කෞතුකාගාරයේ පැවති උත්සවයක දී දිවුරුම් දුන්නා.

ඒ පසුගිය මැයි නව වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිර්‍රිමෙන් අනතුරුවයි.

එම මැතිවරණයේ දී මාර්කෝස් ජූනියර් EPP ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග කළ අතර ඡන්ද මිලියන 18ක් ලබාගනිමින් ප්‍රතිවාදී අපේක්ෂකයන් පස්දෙනා පරදා විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

මාර්කෝස් පවුල පිලිපීන ඉතිහාසයේ ආන්දෝලනාත්මක දේශපාලන පවුලක්.

1986 වසරේ පිලිපීනයේ මතු වූ මහජන කැරැල්ලකින් අනතුරුව මාකෝර්ස් ජූනියර්ගේ පියා වූ ෆර්ඩිනන්ඩ් මාකෝස්ගේ ඒකාධිපති පාලනය පෙරළා දැමුණා.

ඒ අනුව නැවත වරක් මාකෝස්වරයෙක් පිලිපීනයේ බලය හොබවන්නේ වසර තිස් අටකට පසුවයි.

අදාළ දිවුරුම් දීමේ උත්සවයේ දී ම පිලිපීන උප ජනාධිපතිවරිය ලෙස සාරා ඩුටර්ටේ දිවුරුම් දුන්නා.

ඒ නව ජනාධිපතිවරයාගේ පත් වීමෙන් අනතුරුව අසුනින් බැස යන රොඩ්රිගෝ ඩුටර්ටේගේ දියණියයි.

දිවුරුම් දීමේ උත්සවය සඳහා පිලිපීන නව නායකයා පැමිණ සිටියේ සිය බිරිඳ සහ පුතුන් දෙදෙනාද කැටුවයි.

කෙසේ නමුත් දේශීය සහ විදේශීය අමුත්තන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සඳහා අගනුවර ආරක්ෂාවට 15,000ක භට පිරිසක් යොදවා තිබුණා.