අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහළට (වීඩියෝ)

Thursday, 30 June 2022 - 10:35

%E0%B6%85%E0%B7%80%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+40+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව, අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 22කින් බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිසම අවසර ලබා දී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩෝ සඳහන් කළේ, ඒ අනුව, රුපියල් 32ක් ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහළ දමන බවයි.

කෙසේ වෙතත් බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පෙරේ දා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී ඇතැම් බස් සංගම් සියයට 30ක බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටියා.

අදාළ ඉල්ලීම සිදු කළ සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය ඇතුළු අනෙකුත් සියලු ම බස් සංගම්වල නියෝජිතයින් මේ වන විට සියයට 22ක බස් ගාස්තුව, ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොළඹට රැස් වී තිබෙනවා.

ඉහළ දැමූ බස් ගාස්තු සංශෝධනයට එකඟ වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් එම රැස්වීමෙන් පසු පවත්වන මාධ්‍ය හමුවේ දී දැනුම් දෙන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත්, සියයට 22කින් බස් ගාස්තු ඉහළ දැමීම තමන් පිළිගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියා.

නව බස් ගාස්තු ඇතුළත් සම්පූර්ණ මිල සටහන මෙතැනින්..






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories