ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ගන්න ගිවිසුම් අත්සන් කෙරේ

Thursday, 30 June 2022 - 14:07

%E0%B6%BD%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A++%E0%B6%B8%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+100%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ලිට්‍රෝ සමාගම LP ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබාගැනීමට අද(30) ගිවිසුම් අත්සන් කරනු ලැබුවා .

මෙම ගෑස් මෙට්‍රික් ටොන් 100,000 තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 90ක් වන අතර ඒ සඳහා ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 70ක් සපයනු ලබනවා.

ඉතිරි ඩොලර් මිලියන 20 සපයන්නේ ලිට්‍රෝ සමාගම විසින්.

මෙම ගෑස් තොගය මාස හතරක පමණ කාලයක පරිභෝජනය සඳහා මෙරටට සෑහෙන බවයි වාර්තා වන්නේ.

ගැස් තොගයෙන් 70%ක් ගෘහස්ථ පාරිභෝගිකයන් වෙත ලබා දෙනු ඇති අතර ඉන් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර මිලියන 5 ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩර මිලියන 1 ක් සහ කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩර මිලියන1 ක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබෙනවා.

ඉතිරි 30% වාණිජ භාවිතය සඳහා ලබා දීමට නියමිතයි.

තව ද, ඩොලර් මිලියන 20 ක වියදමින් ලිට්‍රෝ සමාගම විසින් ලබා ගන්නා ලද LPG ටොන් 33,000 ක මූලික තොගයක් ජූලි මස මුල් සතිය වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඒ වහාම බෙදා හැරීම් කටයුතු කිරීමට නියමිතයි.

ලිට්‍රෝ සමාගම මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories