"ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට දීර්ඝ කාලීන සැලසුම් අවශ්‍යයි" - කුවේට් තානාපති

Thursday, 30 June 2022 - 17:34

%22%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%92%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%93%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92%22+-+%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට දීර්ඝ කාලීන සැලසුම් අවශ්‍ය බව ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කලාෆ් දයිර් පවසනවා.

ඔහු කියා සිටින්නේ එවන් සැලසුමක් සඳහා සහාය දීමට සිය රජය සෑම විටම සූදානම් බවයි.

ශ්‍රී ලංකාව සහ කුවේටය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සහ මිත්‍ර සම්බන්ධතාව වසර සිය ගණනක් පැරණි එකක් බවත් සෑම විටම කුවේටය ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිට ඇති බවත් එමෙන් ම ශ්‍රී ලංකාව සෑම අවස්ථාවකදී ම ක්වේට් රාජ්‍ය වෙනුවෙන් පෙනී සිට ඇති බවත් කුවේට් තානාපති වරයා කියා සිටියා.

ඔහු මේ බව කියා සිටියේ මාතර වැලිගම අස්සෆා විද්‍යාලයේ අලුතෙන් ඉදි කළ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහි දී මාධ්‍යවේදීන් විසින් තානාපතිවරයාගෙන් විමසා සිටියේ ශ්‍රී ලංකාවේ මේ වන විට උද්ගතවී ඇති ඉන්ධන සහ ආර්ථික අර්බුදයට මිත්‍ර රාජ්‍යයක් ලෙස සිදු කළ හැක්කේ කුමක් ද යන්න පිළිබඳවයි.

එහි දී අදහස් දැක්වූ තානාපති කලාෆ් දයීව් කියා සිටියේ මෙම ගැටළුවට මාස කිහිපයක ප්‍රතිකාර හරහා යහපත් පිළියමක් බලාපොරොත්තු විය නොහැකි බවයි.

ඒ සඳහා රටවල් දෙක අතර දීර්ඝකාලීන ගිවිසුමක් අත්සන් තැබිය යුතු බවත් ඒ හරහා දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලබා ගත හැකි බවත් ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම අනුව දෙරටේ නියෝජිතයින් එක්ව මේ සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කිරීමට ඇති හැකියාව පිළිබඳවත් ඔහු අවධාරණය කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තානාපති කලාෆ් දයීව් කියා සිටියේ අවම තරමින් එලෙස ඇති කරගන්නා එකඟතාවක් වසර 10ක් වත් පවතින එකඟතාවක් විය යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories