අදත් දුම්රිය රැසක් අවලංගුයි

Thursday, 30 June 2022 - 18:10

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%BA%E0%B7%92
රට තුල පවතින උග්‍ර ඉන්ධන අර්බුධය හමුවේ නියාමකවරුන් සේවයට වාර්ථා නොකිරීම හමුවේ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වී තිබෙනවා.

නගරාන්තර දුම්රිය, දුර ගමන් සේවා සහ කාර්යාලයීය දුම්රිය 26ක් පමණ මේ වන විට අවලංගු කිරීමටයි දුම්රිය පාලන අධිකාරිය කටයුතු කර ඇත්තේ.

අද දිනය තුල අවලංගු වූ දුම්රිය අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වාද්දුව දක්වා ධාවනය වන දුම්රිය දෙකක්, කොළඹ කොටුව සහ පානදුර අතර ධාවනය වන දුම්රිය දෙකක්, කොළඹ කොටුව සහ රඹුක්කන අතර ධාවනය වන දුම්රිය හයක්, කොළඹ කොටුව සහ මීරිගම අතර ධාවනය වන දුම්රිය දෙකක් වනවා.

එමෙන්ම කොළඹ කොටුව සහ වේයන්ගොඩ අතර ධාවනය වන දුම්රිය දෙකක්, කොළඹ කොටුව සහ අඹේපුස්ස අතර ධාවනය වන දුම්රිය දෙකක්, කොළඹ කොටුව සහ හලාවත අතර ධාවනය වන දුම්රිය දෙකක්, කොළඹ කොටුව සහ මාදම්පේ අතර ධාවනය වන දුම්රිය දෙකක් සහ කොළඹ කොටුව සහ අවිස්සාවේල්ල අතර ධාවනය වන මගී සහ පාර්සල් ප්‍රවාහන දුම්රිය ද අවලංගු වී තිබෙනවා.

ඊට අමතරව කලින් ආසන වෙන් කරනු ලබන කොළඹ කොටුව සිට මඩකලපුව ධාවනය වන උදයදේවි දුම්රිය සහ කොළඹ කොටුව සිට අනුරාධපුර බලා ධාවනය වන නගරාන්තර ශිඝ්‍රගාමී දුම්රියක් ද අවලංගු කර තිබුණා.

අවිස්සාවේල්ල බලා ධාවනය වන පාර්සල් ප්‍රවාහන දුම්රිය අවලංගු වීම හේතුවෙන් මරදාන දුම්රිය ස්ථානයේ අවිස්සාවේල්ල දක්වා දුම්රිය ස්ථාන වෙත බෙදා හැරිය යුතු පාර්සල් 300කට වැඩි ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති අතර ඒ අතර ඇති ඉක්මනින් නරක් වෙන ද්‍රව්‍ය සහිත පාර්සල් ද වන බව සඳහන්.

අත්‍යාවශ්‍ය සේවයක් වන දුම්රිය සේවයේ කඩා වැටීම ද මේ සමග ආරම්භ වී ඇති නමුත් දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ ඔවුන් යටතේ සේවය කරන කණිෂ්ඨ කාර්‍ය මණ්ඩලය හැකි පමණ කැදවා සේවා කටයුතු ක්‍රියාත්මක කිරීමට උත්සහ කරන බවයි දුම්රිය බලධාරීන් පවසන්නේ.

නමුත් නිල නිවාස නොමැති මෙම බහුතර පිරිස සදහා ද ඉන්ධන නොමැති විම නිසා ඉදිරියේදී සේවයට වාර්ථා කිරීමට ගැටලු ඇතිවීම හමුවේ, දුම්රිය මෙහෙයුම් කටයුතු ප්‍රමාද වීම, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට නොහැකි වීම, පාර්සල් ප්‍රවාහනය බිඳ වැටීම වැනි මගීන්ට බලපාන අවශ්‍යතා සැපයීමට නොහැකිවීම හෝ ප්‍රමාද වී සැපයීම සිදු වීමේ අවදානමක් පවතිනවා.

ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් වන දුම්රිය සේවකයින් වෙත ඉක්මනින් ඉන්ධන ලබා දීමේ සාර්ථක ක්‍රමවේදයක් මේ වන තෙක් හදුන්වා දීමට දෙපාර්තමේන්තුව හෝ රජය කටයුතු කර නොමැති අතර මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකර පිළියම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී අද දිනටත් වඩා දුම්රිය අවලංගු වීම සිදුවීම නොවැලැක්විය හැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories