නැවත දැනුම්දෙන තෙක් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දින 3කට සීමා වෙයි

Thursday, 30 June 2022 - 18:49

%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+3%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලබන මස 4 වනදා සිට නැවත දැනුම්දෙන තෙක් බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ සඳුදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් බව පළාත් සභාව පවසනවා.

ප්‍රධාන ලේකම්වරිය නිවේදනය කළේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

ඊයේ (2022-06-29) දින සිට කල් ඉකුත් වන බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන ආදායම් බලපත්‍ර සඳහා ලබන ජුලි මස 29 වනදා දක්වා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකිරීමට ද තීරණය කර තිබෙනවා.

එමෙන්ම බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.motortraffic.wp.gov.lk පිවිසීමෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබාගැනීමට හැකියාව පවතිනවා.

මේ අතර සබරගමුව පළාතේ වාහන හිමියන්ට අද සිට ලබන ජුලි මස 29 වන දින දක්වා කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකිරීමට ද තීරණය කර තිබෙනවා.

එමෙන්ම අන්තර්ජාලය මගින් ඉල්ලුම් කරන මාර්ගගත ආදායම් බලපත්‍ර ඉල්ලුම් කිරීමේ පහසුකම් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවයි සබරගමුව පළාත් ප්‍රධාන ලේකම්වරයා කියාසිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories