හජ් උත්සවය ජුලි මස 10 වනදා

Thursday, 30 June 2022 - 19:59

%E0%B7%84%E0%B6%A2%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B6%A2%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%83+10+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
නව සඳ දිස්වීම හේතුවෙන් ලබන 10 වැනිදා මෙරට මුස්ලිම් ප්‍රජාව හජ් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය ප්‍රකාශ කළා.

''Hajji” යනුවෙන් හඳුන්වන්නේ මුස්ලිම් බැතිමතුන් විසින් වාර්ෂිකව සිදු කරනු ලබන මක්කම වන්දනාවයි.

එය මුස්ලිම් ධර්මයේ පස්වෙනි කුළුණ ලෙස සලකනු ලබන අතර සෑම ධනවත්, ශක්තිමත් මුස්ලිම් ජාතිකයෙකු විසින්ම තම ආයුකාලය තුළ දි එක වරක්වත් එය ඉටු කිරීමට බැඳී සිටිනවා.

එය මුස්ලිම් ජාතිකයන්ගේ සහයෝගිතාවයේ ආදර්ශනයක් ,නිරූපණය කිරීමක් වන අතර දෙවියන්ට දක්වන අවනතියක් ලෙස ද සැලකෙනවා.

ඉස්ලාමික දින දර්ශනයට අනුව මෙම වන්දනාවේ යෙදෙන්නේ දොළොස් වන මාසයේ එනම් දුල්හජ් දසවන දින සිට පහලොස් වන දින දක්වාය.

ඉස්ලාමීය දින දර්ශනය චන්ද්‍ර දින දර්ශනයක් එබැවින් ඉස්ලාමික දින දර්ශනයේ වර්ෂයකට වඩා , 8 වැනි ග්‍රෙගරි පාප්තුමා විසින් 1582 හඳුන්වා දෙන ලද දින දර්ශනයේ වර්ෂයකට දින එකොළහක් පමණ වැඩි බැවින් ඒ දින දර්ශන එනිනෙක හා ගැලපිමට නොහැකි වී ඇති බවයි ඉස්ලාම් ඉතිහාසයේ දැක්වෙන්නේ.

2007 වර්ෂයේ මුස්ලිම් බැතිමතුන්ගේ වාර්ෂික වන්දනාව යෙදී තිබෙන්නේ දෙසැම්බර් 17 සිට 21 වනදා දක්වායි.

2007 වර්ෂය හා සැසදීමෙන් පසු ඇස්තමේන්තු ගත කර ඇති පරිදි වාර්ෂිකව මිලියන දෙකකට අධික වන්දනාකරුවන් පිරිසක් මක්කම වන්දනාවට සහභාගි වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories