කන්දකාඩු කඳවුරේදි මිය ගිය රැදවියා ගැන අවුලක් - ඥාතින් දේහය භාර නොගනී (වීඩියෝ)

Thursday, 30 June 2022 - 20:03

%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී මියගිය බව කියන තරුණයාගේ අනන්‍යතාවය පිළිබඳව මේ වනවිට ගැටලු‍කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

ඒ අදාළ සිරුර, ඊයේ මියගිය බවට ප්‍රකාශ කළ හාලිඇල උඩුවර ප්‍රදේශයේ තරුණයාගේ නොවන බවට පවුලේ ඥාතීන් හඳුනා ගැනීමත් සමඟයි.

පොලිසිය කළ දැනුම්දීමක් අනුව එම පවුලේ ඥාතීන් හාලිඇල ප්‍රදේශයේ සිට කන්දකාඩු වෙත ගොස් තිබුණා.

අප මේ සම්බන්ධයෙන් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ මියගිය තරුණයාගේ පෞද්ගලික ලිපිගොනුවේ තොරතුරු අනුව මෙම දැනුම් දීම සිදුකළ බවයි. මේ වනවිට කඳවුරෙන් පලාගිය 653 දෙනෙකු යලි රැඳවුම් භාරයට ගෙන ඇති අතර, 72 දෙනෙකු තවමත් සොයාගෙන නැහැ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories