ඉන්ධන සැපයුම ඉහළ දැමීමට සියලුම උත්සාහයන් ගන්නා බව IOC කියයි (වීඩියෝ)

Thursday, 30 June 2022 - 20:35

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94%E0%B6%B8+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+IOC+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සිය පිරවුම්හල් ජාලයට ත්‍රිකුණාමලයේ සිට සිදුකරන සැපයුම් වැඩි කිරීම සඳහා සියලු‍ ආකාරයේ උත්සාහයන් සිදුකරන බව ලංකා අයි.ඕ.සී. සමාගම පවසනවා. එහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ සඳහා අමතර ටැංකි රථ යොදා ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කලාෆ් එම්. එම්. බුධයිර් අද පැවති උත්සවයකදී කියා සිටියේ මෙරට පවතින බලශක්ති අර්බුදය විසඳා ගැනීම සඳහා දීර්ඝ කාලීන සැලැස්මකට අනුව කටයුතු කරන්නේ නම් ඊට සහය ලබාදිය හැකි බවයි.

කෙසේ වෙතත්, ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ බොහෝ ප්‍රදේශ පාළු ස්වභාවයක් ගෙන තිබුණේ ඉන්ධන නොමැතිවීම නිසා රථවාහන ධාවනයට බාධා පැමිණීම හේතුවෙන්.

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන සැපයීමට තීරණය කර ඇති පසුබිමක ලංකා අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් අසල අදත් දිගු පෝලිම් දක්නට ලැබුණා.

ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලැබී නැතත් ජනතාව ඉන්ධන බලාපොරොත්තුවෙන් එම පිරවුම්හල් අසල රැඳී සිටිනවා. මේ අතර, ඉන්ධන ලබා ගැනීම සඳහා එක්රැස් වන ජනතාව ඇතැම් අවස්ථාවලදී කලහකාරීව හැසිරෙන අවස්ථා අදත් විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා.

මේ අතර ක්‍රමත්ව ටෝකන්පත් ලබාදීමෙන් අනතුරුව ගැටලු‍වකින් තොරව ඉන්ධන ලබාදෙන අයුරු ද ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා.

අද අලු‍යම 3ට පමණ ඔබේසේකර පුර ප්‍රදේශයේ නවතා තිබූ වාහනවලින් ඉන්ධන සොරකම් කිරීම පැමිණි පිරිසකට ප්‍රදේශවාසීන් එක්ව පහර දී තිබෙනවා. පසුව ඔවුන් පැමිණි ත්‍රීරෝද රථය අසල පිහිටි විදුලි කණුවක එල්ලා දැමීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබූ අයුරු දැකගත හැකිවුණා.

මේ අතර, පවතින ඉන්ධන අර්බුධය මේ වනවිට මල්ශාලා සහ අවමංගල්‍ය උත්සව කටයුතු සඳහා ද දැඩි බලපෑමක් ඇති කර තිබෙනවා.

ඒ මියගිය පුද්ගලයින්ගේ දේහ නිවසේ සහ රෝහල් වල සිට මල්ශාලා දක්වා රැගෙන යාමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන්. නාගරික ප්‍රදේශවල මල්ශාලාවලට මේ හේතුවෙන් එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

මේ අතර, සපුගස්කන්ද තෙල් පිරිපහදුව සුරැකීමේ එකමුතුව අද පස්වරුවේ කොළඹ කොටුවේ විරෝධතාවක නිරත වූ අතර, ඒ හේතුවෙන් බැංකු මාවත ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසලින් වසා දැමුණා.

ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් වෙනත් සමාගම් වෙත ලබාදෙන බවට පළ වූ වාර්තා වලට විරෝධය පළ කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වූ අතර ජනාධිපති කාර්යාලයේ නියෝජිතයෙකු වෙත සිය ඉල්ලීම ඇතුළත් සංදේශයක් ද භාරදීමට ද කටයුතු කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories