IOC ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,000 ක් ගෙන්වයි (වීඩියෝ)

Saturday, 02 July 2022 - 11:34

IOC+%E0%B6%A9%E0%B7%93%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+90%2C000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ලංකා අයි.ඕ.සී. සමාගම ඇණවුම් කළ ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා 3 ක් ඉදිරියේ දී දිවයිනට ළඟාවීමට නියමිතයි.

ඒ අනුව ලබන 13, 14 හෝ 29, 31 වනදා අතර කාලය තුළ හෝ අගෝස්තු 15 දිනවල මෙරටට ළඟාවීමට නියමිත බවයි ලංකා අයි.ඕ.සී. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඒ අනුව ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,000 ක් එම කාලසීමාව තුළ දිවයිනට රැගෙන ඒමට නියමිත බව ද ඔහු කියා සිටියා.

මේ අතර උද්ගත වී ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියරේ කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඉන්ධන ගැටලුවට විසඳුමක් ලැබුණු පසු එම කටයුතු යළි ආරම්භ කරන බවයි.

මේ අතර ඊයේ සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාදෙන ආකාරය රූගත කිරීමට ගිය මාතර හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදී අදීෂ ආරියතිලකට එහි සිටි එක් සෞඛ්‍ය නිලධාරියෙකු බැන තර්ජනය කර පහරදීමට ද උත්සාහ කර තිබෙනවා.

පසුව හිරු මාධ්‍යවේදියා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද මාතර මූලස්ථාන පොලිසිය වෙත යොමු කර ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර මාවනැල්ල ප්‍රාදේශීය සභාවට අයත් බැකෝ යන්ත්‍රයක ගබඩා කර තිබූ ඩීසල් තොගයක් සොරාගැනීම සම්බන්ධයෙන් එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම දිගු වේලාවක් ඉන්ධන පෝලිම්වල රැඳී සිටීම හේතුවෙන් ජනතාව අතර ඇතිවූ නොසන්සුන්තා හේතුවෙන් ගැටුම් දිවයිනේ ප්‍රදේශ රැසකින් තවදුරටත් වාර්තාවනවා.

කොට්ටාව ප්‍රදේශයේ පිහිටි ලංකා අයි.ඕ.සී. පිරවුම්හලකට ඉන්ධන ලැබෙන බවට හිමිකරු පැවසීමත් සමඟ ඊයේ පස්වරුවේ සිට ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටියා.

කෙසේවෙතත් අනිද්දා (04) ඉන්ධන ලැබෙන බවට සඳහන් කරමින් පුවරුවක් එම ඉන්ධන හලේ ප්‍රදර්ශනය කිරීමත් සමඟ පෝලිම්වල සිටි ජනතාව විරෝධය පළ කළ අතර, එහිදී උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.

මේ අතර බදුල්ල ප්‍රදේශයේ ද සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන නොලැබීම හේතුවෙන් අද පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබූ බව හිරු වාර්තාකරු පැවසුවා.

මේ අතර ඉන්ධන ලබාදෙන දිනයක් බලාපොරොත්තුවෙන් දිවා රෑ නොතකා විවිධ ප්‍රදේශවල ජනතාව තවදුරටත් දිගු පෝලිම්වල රැඳී සිටිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories