ආහාර ආධාර අත්හිටුවීම නිසා දකුණු සුඩානයේ 3 දෙනෙකු මියයයි

Saturday, 02 July 2022 - 14:32

%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන ආහාර ආධාර අත්හිටුවීම ආරම්භ වීමත් සමග දකුණු සුඩානයේ දරුවන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු කුසගින්න හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව සහන සේවකයන් උපුටා දක්වමින් බී.බී.සී පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

දකුණු සුඩානයේ උතුරු වාරෙප් ප්‍රාන්තයේ අවතැන් කඳවුරකදී මෙම මරණ සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

අරමුදල් නොමැතිකම නිසා එරට ඇතැම් ප්‍රදේශවල සලාක වැඩසටහන් අත්හිටුවා ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන ප්‍රකාශ කර තිබෙනවා.

රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීම ඇතුලු සිද්ධි මෙම අර්බුද කෙරෙහි බලපා ඇති බවයි බී.බී.සී වාර්තාවල දැක්වෙන්නේ.

එසේම, අවතැන් කඳවුරුවල වෙසෙන 20,000 ට වැඩි පිරිසක් කුසගින්නෙන් පෙලීමේ අවදානමකට ලක්ව සිටින බව සහන සේවකයින් පෙන්වා දී ඇතැයි ද සඳහන්.