පීඩාවට පත් ජනතාවට සොබාදහමෙනුත් සරදම් (වීඩියෝ)

Saturday, 02 July 2022 - 20:28

%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%9C%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%84%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඉන්ධන අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින දකුණේ ජනතාවට අද සොබාදහමත් අභියෝග කළා.

ඒ හේතුවෙන් ගාල්ල හම්බන්තොට යන ප්‍රදේශ ආශ්‍රිතව මාර්ගද ඇහිරී ගියා.

සුනාමි තත්ත්වයක් නොවුණත් 2004 වසරේ සුනාමිය නොදුටු අයට නම් මේ මුහුදු ගොඩ ගැලීමේ දර්ශන සුවිශේෂී වනු නොඅනුමානයි.

ගාල්ල අවට මුහුදු ප්‍රදේශය අද උදෑසන කාලයේ සිට තරමක රළු ස්වභාවයක් ගෙන තිබුණා.

මේ හේතුවෙන් මුහුදු ජලය ගොඩ ගැලීමත් සමග ගාල්ල සමුද්‍ර වීදියේ එක් මංතීරුවක් අවහිර වුණා.

මුහුද රළුවීම නිසා ධීවරයින්ද අද මුහුදු යාමෙන් වැළකී සිය ධීවර බෝට්ටු මුහුදු රළින් ආරක්ෂා කිරීම සඳහා ගොඩබිම හා ආරක්ෂිත ප්‍ර දේශ කරා රැගෙන ගියා.

කොළඹ ගාලු පාරේ කහව ප්‍රදේශය දැඩි මුහුදු ඛාදනයට ද ලක්ව තිබෙනවා.

අප වාර්තාකරු පැසුවේ මේ වනවිට අම්බලංගොඩ කහව අතර මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් නවතාදමා ඇති බවයි.

මේ අතර කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ගැන අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රියවීම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්වි ට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බව අදාළ නිවේදනයේ සඳහන්.

ඒ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ රළු සිට ඉතා රළු දක්වා වූ ස්වභාවයක් ගනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.

තව ද ඉහත දක්වා ඇති ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5ක් හෝ 3.5ක් පමණ ඉහළයෑමේ හැකියාවක් පවතින බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories