හිස්බුල්ලා සංවිධානයේ, ඩ්‍රෝන ප්‍රහාරයක් ඊශ්‍රායලය ව්‍යර්ථ කරයි

Sunday, 03 July 2022 - 9:59

%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%2C+%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මධ්‍යධරණී මුහුදේ ඊශ්‍රායලයට අයත් ගෑස් නිධියක් වෙත හිස්බුල්ලා සංවිධානය සිදුකළ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එරට ආරක්ෂක අංශ සාර්ථකව ව්‍යර්ථ කර තිබෙනවා.

ඩ්‍රෝන යානා කිහිපයක් ඊශ්‍රායලයේ කරිෂ් නැමති ගෑස් නිධියට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා එවා ඇත්තේ ලෙබනනයේ සිටයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කළක සිට ලෙබනනය සහ ඊශ්‍රායලය අතර මෙම ගෑස් නිධියේ අයිතිය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් පවතින බවයි.