අඩු කළ බස් ගාස්තුව අද සිට

Friday, 05 August 2022 - 7:51

%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
සියයට 11යි දශම 1යි 4කින් අඩු කළ බස් ගාස්තුව අද (05) සිට ක්‍රියාත්මක යි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, ඒ අනුව සාමාන්‍ය සේවා ගාස්තු අවස්ථා 350ක අඩු කිරීම් සිදුකර ඇති බව යි.

මෙතෙක් රුපියල් 38ක් වූ අවම බස් ගාස්තුව අද සිට රුපියල් 34 දක්වා අඩු කෙරෙනවා.

බස් රථවල වැඩි මුදල් අය කළ හොත් 1955 අංකය අමතා තම කොමිසමට පැමිණිලි කරන ලෙස යි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා ජනතාවට දැනුම් දුන්නේ.

කොරෝනා වසංගතය සමඟ සාමාන්‍ය සේවා බස් රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවාහනය කිරීමට රජය තීරණය කළා.

ඒ අනුව 2020 වසරේ නොවැම්බර් 11 වැනි දා සියයට 20ක බස් ගාස්තු වැඩිවීමක් ප්‍රකාශයට පත් කළා.

එය සහ පසුගිය දා ඩීසල් මිල අඩු කිරීම යන කරුණු පදනම් කරගෙන යි මෙම බස් ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක කෙරෙන්නේ.

මේ අතර, ධාවනයට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නො ලැබීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් පෞද්ගලික බස් සංගම් ඊයේ රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.