සංචාරක වීසා මත පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගැන මැලේසියාව අවධානයෙන්

Friday, 05 August 2022 - 7:55

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%80%E0%B7%93%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
සංචාරක වීසා මත පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මැලේසියාව දැඩි අවධානයකින් පසුවන බව ජාතික මිනිස් ජාවාරම්වලට එරෙහි කාර්ය සාධක බලකාය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම බලකාය පෙන්වා දෙන්නේ සතියක කාලය තුළ පමණක් සංචාරක වීසා මත එරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු පමණ ආපසු හරවා යැවීමට මැලේසියාව පියවර ගෙන ඇති බවයි.

වැඩි පිරිසක් සංචාරක වීසා මත මැලේසියාවට පැමිණ රැකියා සොයා ගැනීමට නොහැකිව මිනිස් ජාවාරම්කරුවන්ට හසුව රැවටීමට ලක්වන අවස්ථාත්, අඩු වැටුප් සහ කම්කරු අයිතිවාසිකම්වලට පටහැනි දැඩි අමානුෂික තත්ත්වයන් යටතේ රැකියා කිරීමට සිදුවන අවස්ථාත් බහුලව වාර්තා වී ඇති බව ජාතික මිනිස් ජාවාරම්වලට එරෙහි කාර්ය සාධක බලකාය පෙන්වා දෙනවා.

නීතිවිරෝධී සංක්‍රමණිකයින් සඳහා මැලේසියාවෙන් පිටවීමට ලබා දී තිබූ පොදු සමා කාලය ජුනි 30 වැනිදායින් අවසන් වූ අතර, වලංගු වීසා බලපත්‍ර නොමැතිව එරට රැඳී සිටින විදේශිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා මැලේසියානු ආරක්ෂක අංශ මේ වනවිට අඛණ්ඩ වැටලීම් ක්‍රියාත්මක කරන බව සඳහන්.

එසේ අත්අඩංගුවට පත්වුවහොත් බන්ධනාගාරගත වීමට සිදුවනු ඇති බැවින් නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල මාර්ග ඔස්සේ විදේශ රැකියා සඳහා යොමුවන ලෙස ජාතික මිනිස් ජාවාරම්වලට එරෙහි කාර්ය සාධක බලකාය වැඩිදුරටත් සියලුම ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙනවා.