සඳුදා (8) මධ්‍යම රාත්‍රියෙන් පසු ගෑස් මිල අඩුවෙයි

Friday, 05 August 2022 - 15:35

%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%288%29+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලබන සදුදා දිනයෙන් පසු රුපියල් 4,910ක් වන කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200ට වඩා වැඩි මුදලකින් අඩුකරන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි උසස් නිලධාරියකු සදහන් කළේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යෑම හේතුවෙන් ගෑස් මිලද පහල දැමීම සිදුකරන බවයි.

මේ අතර ලබන නොවැම්බර් මාසය වනතෙක් ගෑස් තොග ඇනවුම් කර ඇති බවයි ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යෑම හේතුවෙන් ගෑස් මිල පහල දැමීම සිදුකරන බවයි එම සමාගම ප්‍රකාශ කරන්නේ.

කෙසේවෙතත් මීට පෙර ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා කියාසිටියේ අද දිනයෙන් පසු ගෑස් මිල අඩු කරන බවටයි.

මුදල් අමාත්‍යංශය සහ පාරිභෝගික සේවා අධිකාරිය මගින් හඳුන්වා දුන් නව මිල සූත්‍රයට අනුව එම මිල ගණන් සංශෝධනය සිදුවන බවයි සභාපතිවරයා කියාසිටියේ.

මේවන විට ප්‍රමාණවත් තරම් ගෑස් තොග සමාගම සතුව පවතින අතර ඔක්තෝම්බර් මාසය දක්වා ගෑස් ඇනවුම් සිදුකර ඇතැයි ද ඔහු හෙළි කළා.

අයහපත් කාලගුණික තත්වයන් මත හෝ වෙනත් ස්වභාවික හේතුවක් මත ගෑස් නෞකාවකට ගෑස් ගොඩ බෑමට නොහැකිව ගැටලුවක් මතු වුවහොත් දිනක් හෝ දෙකක ප්‍රමාදයක් සිදුවිය හැකි බව ලිට්‍රෝ සභාපතිවරයා පෙන්වා දෙනවා.

එසේ නොමැති නම් අඛණ්ඩව හිගයකින් හෝ පෝලිම්වලින් තොරව ගෑස් ලබාදීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි ඔහු අවධාරණය කළේ.

ඒ වෙනුවෙන් ගෑස් නෞකා අවශ්‍ය පරිදි ඇනවුම් කර ස්ථිර කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.