පෞද්ගලික බස් වර්ජනය අවසන් (වීඩියෝ)

Friday, 05 August 2022 - 17:17

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ප්‍රමාණවත් ඉන්ධන නොලැබෙන බවට පවසමින් පෞද්ගලික බස් හිමියන් පිරිසක් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කර තිබෙනවා.

ඒ ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදෙන බවට බලධාරීන්ගෙන් ලැබුණු එකගතාවක් මත බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියාසිටියේ.

පෞද්ගලික බස් රථ සංගම් කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ මෙම වර්ජනය නිසා ප්‍රදේශ රැසක මගී ජනතාව අද දැඩි අපහසුතාවයකට පත්වුණා.

කෙසේ වෙතත්, ඇතැම් පෞද්ගලික බස් රථ වර්ජනයට සහය නොදෙමින් මගී ප්‍රවාහන කටයුතු අද දිනයේදී සිදුකරන අයුරු ද දක්නට ලැබුණා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සදහන් කළේ පිටකොටුව බැස්ටියන් මාවතේ ඉදිකළ ඉන්ධන පිරවුම්හලෙන් අද සිට පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදීම සිදුකරන බවයි.

මේ අතර ඩීසල් මිල පහල යාම හේතුවෙන් අඩු කළ බස් ගාස්තුව ද අද සිට ක්‍රියාත්මකයි.

11.14% කින් අඩු කළ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ඒ අනුව සාමාන්‍ය සේවා ගාස්තු 350 ක අඩු කිරීම් සිදුකර ඇති බවයි.

මෙතෙක් රුපියල් 38ක් වූ අවම බස් ගාස්තුව ද අද සිට රුපියල් 34ක් දක්වා අඩු කෙරෙනවා.

බස් රථවල වැඩිපුර ගාස්තු අය කළහොත් 1955 අංකය අමතා පැමිණිලි කරන ලෙසයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්ල ආචාර්ය නිලාන් මිරැන්ඩා ජනතාවට දැනුම් දෙන්නේ.