අරගල භූමිය, ඉදිරි අරගල වෙනුවෙන් ද පැවතීමට ඉඩ දෙන්න, ජනපති එකඟ වෙයි! (වීඩියෝ)

Friday, 05 August 2022 - 18:28

%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%21+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ජනාධිපතිවරයා සහ ජන අරගලයේ පාර්ශවකරුන් කණ්ඩායමක් වූ බ්ලැක් කැප් මුමන්ට් සංවිධානය ඇතුළු කණ්ඩායම් පහක් අතර ජනාධිපති ලේකම් කාර්යාලදී අද (05) සාකච්ජාවක් පැවැත් වුණා.

මෙම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බ්ලැක් කැප් මුමන්ට් සංවිධානයේ කැඳවුම්කරු හේමප්‍රිය කවිරත්න පැවසුවේ අරගලය සහ පාලන තන්ත්‍රය අතර යම් විරසකයක් ඇති වන්නේ නම් එය තුරන් කිරීම මෙම සාකච්ජාවේ අරමුණ වූ බවයි.

මෙම සාකච්ජාව යම් සාධනීය බවක් පෙන්නුම් කළ බවත් කවිරත්න සඳහන් කළා.

එහි දී ජනාධිපතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබුණු බවද ඔහු පැවසුවා.

මෙම අරගල භූමිය ඉදිරි අරගල වෙනුවෙන්ද පැවතීමට ඉඩදෙන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතයක් ලෙස මෙම ස්ථානය පවත්වාගෙන යාමටත් ඉල්ලීමක් කළ බවත් ඒ සඳහා ජනාධිපතිවරයා එකඟ වූ බවත් ඔහු කියා සිටියා.

එමෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදු කරන ලෙස ද සාකච්ජාවේදී මෙම කණ්ඩායම් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබෙනවා.

සාකච්ජාවෙන් සංවාදයෙන් මෙම රජය සමඟ කටයුතු කළ හැකි බවට විශ්වාස කරන බවත්, ඔහු පැවසූ අතර එහි අද(05) මුල් සාකච්ජාව පැවැත්වූ බවයි ඔහු පැවසුවේ.

එමෙන් ම පොලීසිය යොදවා බලහත්කාරයෙන් අරගල භුමිය ඉවත් කිරීමට කටයුතු නො කරන ලෙසත් ජෝශප් ස්ටාර්ලින් වැනි අය අත්අඩංගුවට ගැනීම ගැන ද එහි දී සකාච්ජා කර තිබෙනවා.

කෙසේ වෙතත් වාමාංශික අදහස් දරන කණ්ඩායම් මෙම සකාච්ජාවට සහභාගී වී නැහැ.