හොරෙන් ඔස්ට්‍රෙලියාවට පැන්න 46ක් ඔස්ට්‍රෙලියානු නැවකින් ම ගෙනැවිත් ඇරලයි

Friday, 05 August 2022 - 18:38

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+46%E0%B6%9A%E0%B7%8A+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රෙලියාවට යාමට තැත්කළ ශ්‍රී ලාංකිකයන් 46 දෙනෙකු, ඔස්ට්‍රෙලියානු දේශසීමා බලකායට (Australian Border Force) අයත් නෞකාවකින් අද (05) මෙරටට රැගෙන පැමිණියා.

මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස බහුදින ධීවර යාත්‍රාවක් මගින් මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රෙලියාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේ දී ඔස්ට්‍රෙලියානු දේශසීමා බලකාය විසින් අත්අඩංගුවට පත් වූ අයයි.

ඔවුන් ඔස්ට්‍රෙලියානු දේශසීමා බලකායට අයත් මුර යාත්‍රාවක් වන “ඕෂන් ශීල්ඩ්” (Ocean Shield) නෞකාව මගින් රැගෙන ආ අතර, කොවිඩ් - 19 පැතිරීම පාලනය සඳහා වන සෞඛ්‍ය ක්‍රමවේදයට අනුකූලව මූලික සෞඛ්‍ය පරීක්‍ෂණ සිදුකර මෙරට බලධාරීන් වෙත භාර දීමට කටයුතු කර තිබුණා.

දෙරට අතර පවතින දිගුකාලීන සමීප සහයෝගීතාව සිහිපත් කරමින් ඔස්ට්‍රෙලියානු දේශසීමා බලකායේ දකුණු ආසියානු කලාපය භාර අධ්‍යක්ෂ කමාන්ඩර් ක්‍රිස් වෝටර්ස් පැවසුවේ මේ වසරේ මැයි මාසයේ සිට අසාර්ථක නීතිවිරෝධී සමුද්‍ර තරණය කිරීමේ අවස්ථා හයක දී හසුවු පුද්ගලයින් 183 දෙනෙකු ඔස්ට්‍රෙලියාවේ සිට ශ්‍රී ලංකාවට ආපසු එවා ඇති බවයි.

තවද, ඔස්ට්‍රෙලියාවේ බලයට පත් නව රජය මඟින් නීති විරෝධී සංක්‍රමණික කටයුතු සඳහා කිසිදු අනුග්‍රහයක් නො ලැබෙන බව සහ ඔස්ට්‍රෙලියාව වෙත නීති විරෝධී ලෙස සංක්‍රමණය වන්නන් සම්බන්ධයෙන් අනුගමනය කරන එරට ප්‍රතිපත්තියෙහි කිසිදු වෙනසක් සිදු කර නො මැති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

මෙම නීතිවිරෝධී සංක්‍රමණික පිරිස මෙම වසරේ ජූලි මස 6 වනදා මඩකලපුව වාලච්චේන ප්‍රදේශයේ සිට බහුදින ධීවර යාත්‍රාවකින් පිටව ගොස් ඇති අතර ඔවුන් අවුරුදු 17 ත් 49 ත් අතර වයස්වල පසුවන වාලච්චේන, මඩකලපුව, පාසිකුඩා, අම්පාර, බිබිල සහ මුතූර් යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔස්ට්‍රෙලියානු දේශසීමා බලකායේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව හරහා කොළඹ වරායේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත මෙම පිරිස භාර දීමට කටයුතු කළා.