සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව අරගල භූමියේ සිය මෙහෙයුම් නතර කරයි

Friday, 05 August 2022 - 21:29

%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ගාලු මුවදොර අරගල භූමියේ සිය මෙහෙයුම් නතර කිරීමට තීරණය කර ඇති බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ තම මෙහෙයුම් නතර කළ ද අරගලය තවදුරටත් පවතින බවයි.

ජනතා ඉල්ලීම් දිනා ගන්නා තෙක් අරගලය පවත්වාගෙන යා යුතු බවට තරයේ විශ්වාස කරන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එබැවින් මේ දක්වා සිදු කරගෙන ආ පරිදිම ඉිදරියටත් එකමුතුවක් සහ කණ්ඩායමක් වශයෙන් තමන් පොදු මහජන අරගලයේ සමාජ මාධ්‍ය මෙහෙවර නොපිරිහෙළා ඉටු කිරීමට මැදිහත් වන බව ද ඔවුන් දැනුම් දෙනවා.

තවද තම සාමාජිකයන් උක්ත සියලු කාර්යභාරයන් නොපිරිහෙළා ඉටුකළේ කිසිදු මූල්‍යමය හෝ වරදාන වරප්‍රසාද බලාපොරොත්තුවෙන් නොව හුදෙක් රට වෙනුවෙන්, අරගලය වෙනුවෙන් තමන්ට පැවරී ඇති ජාතික වගකීම සිය යුතුකමක් සේ සලකමින් බවද සිහිපත් කරන බවයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව පවසන්නේ.

එහිදී ගෝල්ෆේස් අරගල භූමියේ මෙන්ම ඉන් පිටතද, විශේෂයෙන් විදෙස්ගතව සිටියදී පවා සිය සමාජ මාධ්‍යමය කාර්යභාරය අකුරට ඉටු කළ අප සාමාජිකයෝ බොහෝ පිරිසක් වූ බව ඔවුන් සිහිපත් කර තිබෙනවා.

එමෙන්ම මැයි 09වැනිදා ප්‍රහාරය ඇතුළු ඊට පෙර හා පසු අරගලයේ සුවිශේෂී සන්ධිස්ථාන සමාජ මාධ්‍ය තුළ වාර්තා කිරීමටත්, ඒවා ලෝකය පුරා රැගෙන යන්නටත් සිය සාමාජිකයන් සමාජ මාධ්‍ය අවකාශ සහ වේදිකා භාවිත කළ ආකාරය ප්‍රශංසනීය බවයි ඔවුන් සඳහන් කළේ.

ගෝල්ෆේස් අරගලයේ ආරම්භක මොහොතේ පටන් මේ දක්වා තමන් පිළිබඳ තැබූ අචල විශ්වාසයට ගෞරවනීය ආචාරය පිරිනමන අතර ඉදිරියටද සමාජ මාධ්‍ය පරිශීලකයන් සහ රටේ පුරවැසියන් ලෙස තමන් සමග එක්ව මේ පොදු මහජන අරගලය ජනතා ජයග්‍රහණයකින් කෙළවර කිරීම සඳහා එක්ව කටයුතු කරන ලෙසට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව ඉල්ලා සිටිනවා.