එංගලන්තයේදී පැහැරගත් බව කියූ ශ්‍රී ලාංකික තරුණිය හිරුට කතා කරයි (වීඩියෝ)

Friday, 05 August 2022 - 22:29

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%96+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
වසර 10කට පෙර එංගලන්තයේදී තම දියණිය පැහැරගත් බවට පසුගියදා ගාල්ල උණවටුන ප්‍රදේශයේ පියෙකු සිදුකළ ඉල්ලීමක් පිළිබඳ පුවතක් හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප වාර්තා කළා.

කෙසේවෙතත් පැහැරගත් බවට පැවසූ එම තරුණිය පිළිබඳව අප වැඩිදුරටත් සිදුකළ පසු විපරමක ප්‍රතිඵලයක් ලෙස ඇය හිරු ප්‍රවෘත්ති වෙත විශේෂ හෙළිදරව්වක් සිදුකළා.

තම දියණිය නිදහස් කරදෙන ලෙස ඉල්ලීමක්ල තරුණියකගේ ඡායා රූපය ද සහිතව ඉංග්‍රීසි සහ සිංහල භාෂාවෙන් කුඩා වෑන් රථයක සටහන් කර ගාල්ල ප්‍රදේශයේ ධාවනය වන මෙම රථය පිළිබඳ තොරතුරු අප පසුගියදා වාර්තා කළා.

අදාල ඡායාරූපයේ සිටින තරුණියගේ පියා වන සේනක සොයිසා මහතා විසින් මෙම රථය ධාවනය කරමින්, සිය දියණිය සොයාදෙන ලෙස දිනපතා පුළුල් ප්‍රචාරයක් සිදුකරනවා.

2012 වසරේදී එවකට දස හැවිරිදි සිය දියණිය නැෂනල් ක්‍රයිම් ඒජන්සි නම් ත්‍රස්ත කල්ලියක් විසින් එංගලන්තයේදී පැහැරගත් බවත් ඇය නැවත තමන් වෙත ලැබීමට කටයුතු සලසා දෙන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටියා.

කෙසේවෙතත් එම පුද්ගලයා පවසන කරුණු පිළිබඳ අප වැඩිදුරටත් සොයා බැලුවේ එංගලන්තයේ වෙසෙන අදාළ තරුණියගෙන් ද කරුණු විමසමින්.

එහිදී ඇය සඳහන් කළේ තමන් නිරුපද්‍රිතව සිය මව සමඟ එංගලන්තයේ කාලය ගත කරන බවයි.