ඇමරිකානු කථානායිකා නැන්සි පෙලෝසිට චීනය සම්බාධක පනවයි

Friday, 05 August 2022 - 23:53

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%80%E0%B6%BA%E0%B7%92
තායිවාන සංචාරයක නිරත වූ ඇමරිකානු කථානායිකා නැන්සි පෙලෝසිට චීනය විසින් සම්බාධක පනවා තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ ඇයගේ පවුලේ සියලු දෙනාටම මෙලෙස චීනය සම්බාදක පනවා ඇති බවයි.

චීනය විසින් සම්බාධක පැනවූ ඇමරිකාවේ ඉහළම සහ ප්‍රථම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා වන්නේද ඇයයි.

මේ අතර තායිවාන මුහුදු සීමාවේ පවත්වනු ලබන යුද අභ්‍යාසය මේ වනවිට දෙවන දිනටත් ක්‍රියාත්මක අතර, ඊයේ චීනය එල්ල කළ බැලැස්ටික් මිසයිල කිහිපයක් තම මුහුදු සීමාවටද පතිත වූ බව ජපානය ප්‍රකාශ කළා.

තායිවාන සංචාරයක නිරත වූ ඇමරිකානු කථානායිකා නැන්සි පෙලෝසිට විරෝධය දක්වමින් මෙම යුද අභ්‍යාසය චීනය විසින් ලබන ඉරිදා දක්වා ක්‍රියාත්මක කරනු ඇති.