සකුරාව ගිනිබත් කළ හිරෝෂිමාවේ ඛේදවාචකයට අදට 77 වසරයි !

Saturday, 06 August 2022 - 7:30

%E0%B7%83%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9B%E0%B7%9A%E0%B6%AF%E0%B7%80%E0%B7%8F%E0%B6%A0%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%A7+77+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%21
ජපානයේ හිරෝෂිමා වෙත බෝම්බ හෙළා අදට (06) වසර 77ක් ගතවෙනවා.

ජීවිත 80,000කට වැඩි ප්‍රමාණයක් අමු අමුවේම හුස්ම ගනිමින් සිටින මොහොතක කිසිවක් නොදන්වා නොකළ වරදකට දේශපාලනික අර්බුද හේතුවෙන් පුදන්නට ජපන් වැසියාට සිදු වුණා.

1945 අගෝස්තු 06 වැනි දින අමරිකානු ජනාධිපති ෆ්‍රෑන්ක්ලීන් ඩී. රූස්වේල්ට් ජපානයට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කළා.

මේ එදා දෙවැනි ලෝක යුද්ධයේ අමිහිරිම මතකයක් වන හිරෝෂිමා වෙත බෝම්බ හෙලීම ගැන සම්පූර්ණ කතාව සැකෙවින්..,

වර්ෂ 1945 යනු ලෝක ඉතිහාසය තුළ නොමැකෙන හා අමිහිරි කාල පරිච්ඡේදයක් සනිටුහන් කරන ලද වර්ෂයක් වූ බව එවකට ජීවත් වූ සෑම මනුස්සයෙකු ම සාක්ෂි දරනවා.

ඒ ජර්මනියේ ඒකාධිපති ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් හා ඉතාලියේ බෙනිටෝ මුසෝලිනිගේ නාසිවාදය හා ෆැසිස්ට්වාදී දර්ශන ක්‍රමය හරහා බොහෝ ලෝ වැසියා පීඩනයට ලක්ව සිටි කාල වකවානුවක් වූ බැවින්.

දෙවැනි ලෝක යුද්ධය 1939 සැප්තැම්බර් 01 වැනිදින ආරම්භ වූයේ මියුනික් ගිවිසුම අත්සන් තැබීම මගින් කෙරුණු බලකිරීම් තුළින්.

මෙම ගිවිසුමට මහ බ්‍රිතාන්‍ය, ප්‍රංශය අත්සන් තැබුවේ, එහි නියමයන්ට අනුව අනෙක් දුර්වල රාජ්‍යයන්වලින් කොටසක් ජර්මනියට පවරාදෙන ලෙසට එකඟ වෙමින්.

ඒ අනුව චෙකොස්ලෝවැකියාවට බලකෙරුණේ සිය රාජ්‍ය භූමියෙන් කොටසක් ජර්මනියට පවරා දෙන ලෙසටයි.

නමුත් ඊට අකමැත්ත ප්‍රකාශ වීම හේතුවෙන් ජර්මනිය චෙකොස්ලෝවැකියාවට එරෙහිව යුද්ධය ප්‍රකාශ කළා.

මෙවන් තත්ත්වයක් හමුවේ මුසෝලිනිගේ හා හිට්ලර්ගේ ඒකාධිපති පාලන තන්ත්‍රය හා සෙසු රාජ්‍යයන් වෙත කෙරුණු අඩත්තේට්ටම් නිසා සෑම විටෙකම බටහිර ලිබල්වාදී රාජ්‍යයන් පසුවූයේ ජර්මනිය, ඉතාලිය මෙන්ම ඊට එක්වන සෙසු රාජ්‍යයන් ද විනාශකර දැමීමේ අරමුණින්.

කෙසේවෙතත් දෙපැත්තට දෝලනය වෙමින් පැවති යුද්ධයක ආරම්භකාරී හැඩ ලක්ෂණවලට පළමු කාලතුවක්කු උණ්ඩය පත්තු කරනු ලැබුවේ ජර්මනිය විසින්.

ඒ ජර්මනිය විසින් පෝලන්තයේ වරායකට පහරදීමත් සමගින්.

පෝලන්තය ආරක්ෂා කිරීමට එක්ව සිටි බ්‍රිතාන්‍ය, ප්‍රංශයට ජර්මනියේ මේ ක්‍රියාකලාපය මුහුණට කෙළ ගැසීම වන් වූ ක්‍රියාවක් ලෙස එරට නායකයෝ සැලකුවා.

මේ සමග ප්‍රංශයේ රයින් ගංගාව වටා පිහිටි රත්‍රං හා ගල් අඟුරුවලට ප්‍රංශය හා ජර්මනිය අතර තිබූ නොවිසඳෙන ගැටලුව ද මේ සඳහා වක්‍රාකාරයෙන් හේතුවක් වෙමින්, ප්‍රංශය ද බ්‍රිතාන්‍ය හා එක්ව ජර්මනියට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කළා.

මෙවන් තත්ත්වයක් හමුවේයි ලෝකය තුළ මිත්‍ර පක්ෂය හා අක්ෂ පක්ෂය නමින් යුද කඳවුරු බෙදුණේ.

එහිදී ජර්මනියට විරුද්ධ පාක්ෂිකයින් මිත්‍ර පක්ෂය (බ්‍රිතාන්‍ය, රුසියාව, ප්‍රංශය, ශ්‍රී ලංකාව..) ද අක්ෂ පක්ෂය ලෙසින් ජර්මනිය, ඉතාලිය, ජපානය ද මීට සහභාගී වුණා.

කෙසේවෙතත් ලෝකය තුළ යුද ගිනිදැල් දැල්වෙද්දී ජපානයේ යුද ක්‍රියාකලාපය සාමකාමී නොවන්නට වූයේ ජර්මනියේ උසිගැන්වීම හේතුවෙන්.

ජපානයට අවශ්‍ය වූයේ ආසියානු කලාපයේ බලවතා බවට පත්වීමටයි.

ඊට බටහිර ලිබරල්වාදී රාජ්‍යයක් වූ අමරිකාව දැඩි බාධාවක් ලෙස සැලකූ ජපානය විසින් අමරිකාවේ නාවික කඳවුරක් පිහිටි පර්ල් වරායට 1941 නොවැම්බර් 07 වැනි දින බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා.

මෙම ප්‍රහාරයෙන් උරණ වූ අමරිකාව ජපානයට විරුද්ධව යුද ප්‍රකාශ කරමින් ලෝක යුද්ධයට එක් වූවා.

ජපානය සිය බල පරාක්‍රමය විහිදමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව හැර බ්‍රිතාන්‍ය යටත් විජිතවල සියලු බලය තම යටතට ගැනීමට සමත් වූවා.

ඒ අතර බෝර්නියෝ, ජාවා, සුමාත්‍රා, පිලිපීනය ආදි අග්නිදිග ආසියාතික රාජ්‍යයන් ජපානය යටතට පත් වුණා.

1942 අප්‍රේල් 07 වැනි දින ජපානය විසින් ශ්‍රී ලංකාවට මෙන්ම ත්‍රිකුණාමලයට ද බෝම්බ ප්‍රහාර එල්ල කළ අතර, ඒ වනවිට ජර්මනිය රුසියාව ආක්‍රමණය කිරීමට උත්සාහ කිරීම ඔවුන් සිය යුද්ධයේදී ගත් වැරදිසහගතම තීන්දුව බවට පසක් කරමින් සිටි කාලවකවානුවක් ද වුණා.

ඊට හේතුව දැඩි ශීත කාලය එළඹීමත් සමග රුසියානු හා බ්‍රිතාන්‍යයේ ප්‍රහාර හමුවේ ජර්මන් හමුදාවට පසුබසින්නට සිදු වූ අතර, බොහෝ ජර්මානු නායකයින් සියදිවි නසා ගැනීමටත් පැන යන්නටත් පටන් ගත්තා.

ජපානය පමණක් අකීකරු ලෙසින් නොනැවතී ප්‍රහාර එල්ල කිරීම නො ඉවසූ අමරිකාව ජපානය සම්පූර්ණයෙන්ම නිහඬ කිරීමට තීරණය කරමින්, ජපන් රාජ්‍යය සුනුවිසුණු කිරීමට සිය හමුදාවට අණ කළා.

ශ්‍රී ලංකාවට පහරදීමත් සමග බ්‍රිතාන්‍ය විසින් සිය හමුදා ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සූදානම් කර තිබූ අතර, අමරිකාව හා බ්‍රිතාන්‍ය විසින් ජපානයට යුද්ධය නතර කර, ගිවිසුම්ගත වීමට ආරාධනා කළ ද, ජපානය එම අවසන් නිවේදනය ද නොතැකූ නිසාවෙන් අමරිකාව විසින් 1945 අගෝස්තු 06 වැනි දින ජපානයේ හිරෝෂිමාව වෙත පරමාණු බෝම්බ හෙලීමට තීරණය කළා.

ඒ අනුව, අදවන් දිනෙක අමරිකාවේ කර්නල් පෝල් ටිබෙට්ස් විසින් නිෂ්පාදනය කරන ලද බෝයිං බී-29 සුපර්ෆෝට්‍රස් වර්ගයට අයත් එනෝලාගේ නමැති අමරිකානු බෝම්බ හෙලීමේ ගුවන්යානය විසින් 'ලිට්ල් බෝයි' වූ පරමාණු බෝම්බය 1945 අගෝස්තු 06 වැනි දින පෙරවරු 8.45ට හිරෝෂිමාවට හෙලීමට පියවර ගත්තා.

මේ සමග ම මුළු හිරෝෂිමාවම තත්ත්පර ගණනකින් ලේ විලක් කරමින් විශාල ජීවිත හා දේපොළ හානියක් සිදු කරමින්, අමරිකාව ජපානයෙන් සිය පළිය ගැනීමට සමත් වුණා.

අමරිකානු නිවේදනයට යටත් නොවූ ජපානයට යළි යළිත් සිය අණට අකීකරු නොවීමේ ප්‍රතිවිපාකය සිහිපත් කරමින්, රූස්වේල්ට්ගේ හා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන්ට් චර්චිල්ගේ නියමයන් අනුව බ්‍රිතාන්‍ය යුද හා නාවික බලඇණි යටත් විජිත රාජ්‍යයන් රැකගනිද්දී, අමරිකාව විසින් අගෝස්තු 09 වැනි දින ජපානයේ නාගසාකි නුවරට දෙවැනි පරමාණු බෝම්බය හෙළමින්, ජපන් අධිරාජ්‍යය ගොඩනැගූ අධිරාජ්‍යවාදී සිහිනය කුඩුපට්ටම් කළා.

ජපානය මුළුමනින්ම විනාශ වෙමින්, දහස් ගණන් ජීවිත මියැදෙමින්, බොහෝ පිරිසක් බෝම්බ ප්‍රහාරයේ විකිරණවලින් ආබාධිත තත්ත්වයකට ඇද දැමූ අමරිකාවේ ක්‍රියාකලාපය හේතුවෙන්, තම වැසියන් පරම්පරා ගණනාවක් විනාශ වූ බව දුටු ජපන් අධිරාජ්‍ය හිරෝහිතෝ අමරිකාව හා බ්‍රිතාන්‍ය ඉදිර්‍යේ කොන්දේසි විරහිතව 1945 අගෝස්තු 14 වැනි දින යටත් වීමට එකඟ වීමත් සමග දෙවැනි ලෝක යුද්ධය අවසන් වුණා.

දෙවැනි ලෝක යුද්ධයෙන් සිදු වූ බිහිසුණුම අපරාධය ලෙසින් අදටත් සැලකෙන්නේ එදා ජපානයේ හිරෝෂිමාවට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාරයයි.

එහි අඳුරු ප්‍රතිවිපාක අදටත් උපදින ජපන් දරුවා විඳින බව ද එරට බලධාරින් පවසනවා.

කෙසේවෙතත් එදවස බෝම්බ හමුවේ පොළොවට සමතලා වූ ජපානය අද වනවිට ආසියාතිකකරයේ ප්‍රමුඛ හා ප්‍රබලතම රාජ්‍යයයන් ත්‍රිත්ත්වය අතරින් එකක් බවට ද පත් වූයේ ඔවුන් සතු හැකියාව, එකමුතුකම හා 'ජපනා - හපනා' යන කියමන යළි යළිත් සත්‍යයක් බවට ද පත් කරමින්.