හදිසි නීතියට, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විරෝධය

Tuesday, 09 August 2022 - 13:23

%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට සහ රටේ ආර්ථික කඩා වැටීම මධ්‍යයේ ඔවුන්ගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීම වැළැක්වීමට හදිසි නීතිය නැවත නැවතත් භාවිත කිරීම හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කවුන්සිලයේ විශේෂඥයින් පෙන්වා දෙන්නේ, පසුගිය අප්‍රේල් මස 2 වැනි දා පළමු වරට ශ්‍රී ලංකා බලධාරින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බවයි.

ජුලි 15 වනදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු, ජූලි 17 වනදා යළිත් වරක් හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ අතර ජුලි මස 27 වනදා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගනිමින් එය තවත් මසකින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

එම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවස්ථා ගණනක දී ම ලක් රජයට සිය කනස්සල්ල පළ කළ ද ඉන් ඵලක් නොවූ බව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ විශේෂඥයින් ප්‍රකාශ කළා.

සාමකාමීව රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීම උල්ලංඝනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග හෙළා දකින බවයි මානව හිමිකම් කවුන්සිලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories