2002 ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සංශෝධනය කෙරෙයි (වීඩියෝ)

Tuesday, 09 August 2022 - 13:28

2002+%E0%B6%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%A2+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඛනිජ තෙල් ආනයනය සඳහා තවත් පාර්ශවයන් හට බලපත්‍ර ලබාදීමට හැකිවන පරිදි 2002 අංක 33 දරණ ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

විදේශ විනිමය හිඟය හේතුවෙන් අඛන්ඩ ඛනිජ තෙල් නිෂ්පාදන සැපයුම සහතික කිරීම මෙහි අරමුණ යි.

එමෙන්ම, විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට හැකි වන පරිදි මෝටර් වාහන පනත සංශෝධනය කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

පොසිල ඉන්ධන භාවිතයෙන් තොර ව විද්‍යුත් ශක්තිය භාවිතයෙන් ධාවනය වන වාහන ප්‍රචලිත කිරීම සඳහා විද්‍යුත් ත්‍රිරෝද රථ මෙරට තුළ භාවිතයට අවස්ථාව දෙන ලෙස පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත් වුණා.

ඒ අනුවයි, මෝටර් වාහන පනත සංශෝධනය කිරීමට තීරණය වී ඇත්තේ.

මේ අතර, කිව්.ආර් කේතය සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද උදෑසන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණා.

එහි දී දැනට පවතින ක්‍රමවේද පිළිබඳව තවදුරටත් කරුණු සාකච්ඡා වී තිබෙනවා.

බහු රථ වාහන එක් දුරකථන අංකයකට ලියාපදිංචි කිරීම, රථ වාහන නොවන ඉන්ධන අවශ්‍යතාව වෙනුවෙන් කිව් ආර් කේතයක් සහ දත්ත විශ්ලේෂණ පද්ධතියක් කඩිනමින් සකස් කිරීම පිළිබඳ ද අවධානය මෙහි දී යොමුව තිබෙනවා.

මීට අමතරව සංචාරක කර්මාන්තයට අවශ්‍ය පහසුකම් සම්පූර්ණ කිරීමට නව ඉන්ධන කාඩ්පතක් ලබන සතියේ හඳුන්වාදීමට ද එහි දී තීරණය වුණා.

මේ අතර, පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදීම පසුගිය කාලයේ සීමා කර තිබූ නමුත්, අද දින ඇතැම් ශ්‍රී ලංගම ඩිපෝ මගින් ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබාදීමට කටයුතු කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories