මොරටුවේ පාසලක සිසුවෙකු ඔන්චිල්ලාවකට සිරවී මරුට (වීඩියෝ)

Tuesday, 09 August 2022 - 19:48

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පාසල් භූමියේ සවිකර ඇති ඔන්චිල්ලාවකින් ඇද වැටී සිසුවෙකු මියගිය පුවතක් මොරටුව - විල්ලෝරාවත්ත ඥානිස්සර විද්‍යාලයෙන් අද වාර්තා වුණා.

සිය මිතුරන් සමඟ ඔන්චිල්ලාව පදිමින් සිටියදි මෙලෙස අනතුරට ලක්ව මියගොස් තිබුණේ 14 හැවිරිදි සිසුවෙක්.

සිව්දෙනෙකුට භාවිත කළ හැකි පරිදි යකඩ සහ තහඩු උපයෝගි කරගෙන තනා ඇති මෙම ඔන්චිල්ලාවේ සිසුන් පස්දෙනෙකුට වැඩි පිරිසක් රැඳී සිටියදී මියගිය සිසුවාද පිටතින් ඊට නැග මිතුරන් සමඟ විනෝද වී තිබෙනවා.

වේගයෙන් ඔන්චිල්ලාව චලනය වීමේදී සිසුවා ඉන් ඇද වැටී ඇති අතර, ඉහළ එසවුණු ඔන්චිල්ලාව යළි පහතට පැමිණෙන අවස්ථාවේ එහි යට කොටස තහඩුද සමග එම සිසුවාගේ හිසෙහි ගැටී පොළොවට තදවී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

බරපතල තුවාල ලබා ලුනාව රෝහලට ඇතුළත් කළ සිසුවා පසුව ජීවිතක්ෂයට පත්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories