හෙට සිට විදුලි බිල ඉහළට - ඉහළ යාමේ සාමාන්‍ය සියයට 75 ක් - විදුලි සේවකයන්ට බෝනස් ගෙවීමත් නවතී (වීඩියෝ)

Tuesday, 09 August 2022 - 19:53

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+75+%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
හෙට සිට විදුලිබිල සියයට 75 සාමාන්‍ය අගයකින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.

මෙලෙස විදුලි ගාස්තු සංශෝධනය වන්නේ වසර 9 කට පසුවයි.

විදුලි ගාස්තු සංශෝධනයක් අවසන් වරට සිදු කෙරුණේ 2014 වසරේ වන අතර, එහිදී සියයට 25 ක පමණ ප්‍රමාණයකින් විදුලි ගාස්තු අඩු කෙරුණා.

එතැන් සිට මේ දක්වා ගල් අඟුරු, දැවි තෙල් සහ ඩීසල් මිල විශාල ලෙස ඉහළ යාම හමුවේ විදුලි ජනන වියදම ඉහළ යාම හේතුවෙන් විදුලිබල මණ්ඩලය සියයට 229 කින් ගාස්තු ඉහළ දමන ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම එහිදී සියයට 229 වෙනුවට සියයට 60 ක ගාස්තු වැඩිවීමක් යෝජනා කළා.

ඒ අනුව පළමු ඒකකයේ සිට 30 දක්වා, රුපියල් දෙකයි ශත 50 ක්ව පැවති ඒකකයක මිල රුපියල් අට දක්වා ඉහළ යනවා.

එමෙන්ම ඒකක 31 ත්, 60 ත් අතර පැවති රුපියල් 4 යි ශත 85 ක ඒකක මිල රුපියල් 16 දක්වා ඉහළ යන අතර, ඒකක 61 ත් 90 ත් අතර පැවති රුපියල් 7 යි ශත 85 ක මිල රුපියල් 16 දක්වා ඉහළ යනු ඇති.

එමෙන්ම ඒකක 91 ත් 180 ත් අතර රුපියල් 27 ට පැවති විදුලි ඒකකයක මිල රුපියල් 50 දක්වා ඉහළ යන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

ඒ අනුව විදුලි භාවිතය ඒකක 30 ට අඩුනම් ගාස්තුව රුපියල් 198 දක්වා ඉහළ යන අතර, එය සියයට 264 ක ප්‍රතිශතයක වැඩිවීමක්.

ඒකක 31 ත් 60 ත් අතර සියයට 200 කින්ද, ඒකක 61 ත් 90 ත් අතර විදුලි පාරිභෝගිකයන් සඳහා සියයට 125 කින්ද, විදුලිබිල වැඩිවනු ඇති.

ඒකක 91 සහ 120 අතර එම ප්‍රතිශතය සියයට 89 ක්.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම මිල වැඩිකිරීම ජනතාවට දරාගැනීමට අපහසු බවයි.

මේ අතර විදුලිබිල ඉහළ යාමත් සමඟ තම කර්මාන්ත තවදුරටත් කඩාවැටෙනු ඇති බවයි සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිලුක්ෂ කුමාර අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ

මේ අතර ජල ගාස්තු ඉහළ නැංවීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද ප්‍රකාශ කළා.

මේ අතර, ලාෆ් ගෑස් මිල ද ඉදිරියේදී අඩු කිරීමට අදාළ සමාගම පියවර ගනු ඇති බවයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එහිදී කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories