බිත්තර, කුකුළු මස්, පාන්, බනිස් සහ සිමෙන්ති මිල ගැන වාර්තාවක් කැඳවයි (වීඩියෝ)

Wednesday, 10 August 2022 - 19:18

%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%2C+%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B6%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
විදුලිබිල සියයට 75 සාමාන්‍ය අගයකින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම ඊයේ අවසර ලබාදුන් අතර මෙලෙස ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් විරෝධය පළ කරනවා.

විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික කියා සිටියේ ඉතා ඉහළ අගයකින් විදුලිබිල වැඩි කිරීම අසාධාරණ බවයි.

විදුලි මිල ඉහළ දැමීම හේතුවෙන් ඡායා පිටපත් සහ මුද්‍රිත පිටපතක මිලද අද සිට රුපියල් 05 කින් වැඩි කිරීමට තම සංගමය පියවර ගත් බව සමස්ත ලංකා කොමියුනිකේෂන් සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සදහන් කළා.

මේ අතර, සිමෙන්ති, යකඩ, ටයර්, බිත්තර, කුකුල් මස්, පාන් සහ බනිස්වල මිල ගණන් සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ තමාට වාර්තාවක් ලබා දෙන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව වෙළෙද අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

වෙළෙද අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ තොග මිල ගණන් අඩුවී ඇති සහල්, සීනි, පරිප්පු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉදිරි සතියේ සිට ලංකා සතොස හරහා එම අඩු වූ මිල ගණන්වලට ලබා දීමට කටයුතු කරන බවයි.

මේ අතර, ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලබා ගන්නා පුද්ගල දත්තවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයකට ලැබෙන බවට පළ වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

මේ අතර, දිවයින පුරා මේ දක්වා සිදුකළ වැටලීම් වලදී නීතිවිරෝධී ලෙස ඉන්ධන ළඟ තබා ගත් පුද්ගලයින් 1321 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

මේ අතර, හෙට සහ එළඹෙන 14 වන ඉරිදා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

කෙසේ වෙතත්, 12 වනදා සහ 13 වනදා රාත්‍රී කාලයේදී පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීම සිදුකරන බවයි එම කොමිසම සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories