පරිභෝජනයට නුසුදුසු මාළු කිලෝ 30,000ක් මීගමුවෙන් සොයා ගැනේ (වීඩියෝ)

Wednesday, 10 August 2022 - 19:54

%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+30%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මිනිස් පරිභෝජනයට නුසුදුසු මත්ස්‍ය කිලෝ 30,000කට අධික තොගයක් මීගමුව සහ සීදුව යන ප්‍රදේශවලින් සොයා ගෙන තිබෙනවා.

ඒ ලද තොරතුරකට අනුව පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය කළ වැටලීමකදීයි.

කෙළවල්ලා සහ බලයා වර්ගයන්ට අයත් මෙම මසුන් තොගය සහ සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබෙනවා.

ජුලි මස 20 වනදා ද, ටින් මාළු ලෙස සකස් කරමින් තිබූ පරිභෝජනයට නුසුදුසු මසුන් තොගයක් කුරුණෑගල - පන්නල ප්‍රදේශයේ ආයතනයක් තුල තිබී සොයා ගත්තේ පාරිභෝගික අධිකාරිය කළ වැටලීමකදීයි.

හිරු ප්‍රවෘත්ති අංශයට මීට පෙර අනාවරණ කළේ කොළඹ වරායේ ගබඩා කර තිබූ පරිභෝජනයට නුසුදුසු මසුන් තොගයක් වරායෙන් පිටතට රැගෙන ගොස් ඇති බවයි.

මසුන් අඩංගු බහාලුම් 98 කට අධික ප්‍රමාණයක් රැගෙන විදෙස් රටකට අයත් නෞකාවක් මෙම වසර ආරම්භයේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කොළඹ වරායට පැමිණ තිබුණා.

ඒවා වරායේ ගබඩා කෙරුණේ එහි තිබූ මසුන් මිනිස් පරිභෝජනයට නුසුදුසු වීම හේතුවෙන්.

පසුව දියර පොහොර සෑදීම සඳහා යැයි පවසමින් මහා පරිමාණ සැමන් ව්‍යාපාරිකයෙකු මින් කොටසක් මිලට ගෙන තිබූ අතර, පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳසැලේ තොග මාළු ව්‍යාපාරිකයින්ගේ සංගමය ප්‍රකාශ කළේ ඒවායේ පවතින මසුන් සූක්ෂ්ම ලෙස ටින් මාළු සහ කරවල ලෙස වෙළඳපොලට නිකුත් කරන බවයි.

අද සොයා ගත් කෙළවල්ලා සහ බලයා මසුන් ද එහි කොටසක් බවට එම සංගමය සැක කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories