ශ්‍රී ලංකා කණ්ඩායමේ රෝගය පාකිස්තානයටත් බෝ වෙයි, පාකිස්තාන ක්‍රීඩකයින් දෙදෙනෙකු එංගලන්තයේ දී අතුරුදන්

Wednesday, 10 August 2022 - 22:07

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවසන් වීමෙන් පසු එක්සත් රාජධානියේදී පාකිස්ථානු බොක්සිං ක්‍රීඩකයින් දෙදෙනෙකු වන සුලේමන් බලුච් සහ නසීර් උල්ලා අතුරුදහන් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් දෙදෙනාම නවත පැමිනෙන පාකිස්ථාන කණ්ඩායම් කළමනාකාරීත්වයට වාර්තා කර නැති අතර ඔවුන් නොමැතිව පකිස්ථානු කණ්ඩායම මේ වන විට යලි නිවස බලා පිටත්ව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් කණ්ඩායම් ආරංචියිමාර්ග සඳහන් කරන්නේ මෙම බොක්සිං ක්‍රීඩකයන්ගේ ගමන් බලපත්‍ර ඇතුළු අනෙකුත් ලියකියවිලි කණ්ඩායම් කළමනාකාරිත්වය සතුව ඇති බවටයි.

මේ අතර අතුරුදන් වූ ක්‍රීඩකයින් සොයා දෙන ලෙස පකිස්තාන ඔලිම්පික් සංගමය බ්‍රිතාන්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙන බවද වා‍ර්ථා වනවා.

කෙසේ වෙතත් දකුණු ආසියාතික රටවල ක්‍රීඩකයින් එක්සත් රාජධානියේදී අතුරුදන් වූ පළමු අවස්ථාව මෙය නොවේ.

මීට පෙර, තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් ගනනාවක් දෙනෙකු අතුරුදහන් වූ අතර, ඔවුන්ගෙන් තිදෙනෙකු, රඳී සිටි ස්ථාන පසුව පොලීසිය විසින් සොයා ගනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නැවත දිවයිනට පැමිණියේ ඔවුන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු සහ එක් නිලධාරියෙකු නොමැතිවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories