කොළඹ සහ බදුල්ල අතර තවත් අධි සුඛෝපභෝගී දුම්රියක්

Thursday, 11 August 2022 - 8:29

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%9B%E0%B7%9D%E0%B6%B4%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මෙරට තුළ ඉහළම සංචාරක ආකර්ශනයක් සහිත දුම්රිය ගමනාන්තයක් වන කොළඹ සහ බදුල්ල අතර නගරාන්තර අධි සුඛෝපභෝගී දුම්රියක් එළඹෙන සති අන්තයේ සිට සෑම සෙනසුරාදාවකම ධාවනයට එක් කිරීමට නියමිතව තිබෙනවා.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් පරිදියි දුම්රිය දෙපාර්තමේන්තුව මෙම දුම්රිය ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව සෑම සෙනසුරාදාවකම පෙරවරු 05.30 ට කොළඹ කොටුවෙන් පිටත්වන නව “ඇල්ල ඔඩෙසි” අධි සුඛෝපභෝගී දුම්රිය පස්වරු 3.55 ට බදුල්ලට ළඟාවීමට නියමිතයි.

ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, පේරාදෙණිය, මහනුවර, නාවලපිටිය, නානුඔය, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, ඇල්ල සහ බදුල්ල යන දුම්රිය ස්ථානවල මෙම දුම්රිය නතර කරනු ඇති.

සෑම ඉරිදා දිනකම බදුල්ලෙන් පෙරවරු 09.50 ට පිටත්වන දුම්රිය රාත්‍රී 07.20 ට කොළඹට ළඟාවීමට නියමිත අතර, දුම්රිය ගමන අතරතුර හමුවන ආකර්ෂණීය නැරඹුම් ස්ථාන වල දුම්රිය නතර කිරීමට කටයුතු කරන බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, බදුල්ල රාත්‍රි තැපැල් දුම්රිය හෙට සිට යළි ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ - බදුල්ල සහ බදුල්ල - කොළඹ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories