කෝටි 24ක් වටිනා කොකේන් සමඟ පෝලන්ත ජාතිකයෙකු කටුනායක දී අත් අඩංගුවට

Wednesday, 17 August 2022 - 7:17

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+24%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොකේන් කිලෝ ග්‍රෑම් පහක් රැගෙන දිවයිනට පැමිණි පෝලන්ත ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගේ ගමන් මල්ලේ සූක්ෂ්ම ලෙස සඟවා ගෙන මෙම කොකේන් තොගය රැගෙන විත් ඇති බව යි රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා කියා සිටියේ.

දෝහා සිට පැමිණි මෙම පෝලන්ත ජාතිකයාගේ ගමන් මල්ලේ ෆැක්ස් මුද්‍රණ කඩදාසි බහලුම් තුළයි මෙම කොකේන් සඟවාගෙන පැමිණ ඇත්තේ.

රේගු භාරයට ගත් කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 245ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, සැකකරු සහ කොකේන් තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories