වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරියක් අත්අඩංගුවට

Wednesday, 17 August 2022 - 11:03

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B7%9A%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරියක් එහි ආරක්ෂාවට යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරිනියන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බන්ධනාගාර කාන්තා නිලධාරිනියන් හා රැඳවියන් පරීක්ෂා කරන ස්ථානයක දී ඊයේ(17) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි එම බලකාය සඳහන් කළේ.

52 හැවිරිදි මෙම සැකකාරිය සන්තකයේ තිබූ ඖෂධ වලට සමාන පෙති වර්ගයක් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇය විසින් හදිසියේ ම එම පෙති මුව තුළ සඟවා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

ඒ අනුවයි මෙම ජේලර්වරිය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories