බිත්තර, කුකුළු මස් නිෂ්පාදකයන් පාරිභෝගික අධිකාරියට (වීඩියෝ)

Wednesday, 17 August 2022 - 13:04

%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%2C+%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදකයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත අද (17) කැඳවා තිබෙනවා.

එම අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල සඳහන් කළේ, බිත්තර සහ කුකුළු මස්වල මිල, විශාල ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් ලද පැමිණිලි සලකා අදාළ නිෂ්පාදකයින් අධිකාරිය වෙත කැඳවූ බවයි.

කෙසේ වෙතත්, සත්ත්ව ආහාර මිල සහ ප්‍රවාහන වියදම් ඉහළ යාම බිත්තර මිල වැඩිවීමට හේතු වී ඇති බව හිරු ප්‍රවෘත්ති අංශය සමග සංවාදයකට එක්වෙමින් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක කියා සිටියා.

මේ අතර, බඩඉරිඟු වගා කරන ගොවීන් සඳහා මහ කන්නයේ යූරියා පොහොර ලබාදීම සඳහා ඔන්ලයින් ලියාපදිංචිය දැන් ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව www.agrarian.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි වීමට අවස්ථාව සලසා දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 50ක යූරියා මිටියක් රුපියල් 10,000ක මුදලකට ලබා දෙනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories