පුටින්ගේ තීරණයට රුසියාවේ විරෝධතා

Thursday, 22 September 2022 - 7:52

%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලක්ෂ 3ක අතිරේක හමුදා බලඇණියක් කැඳවීමට ගනු ලැබූ තීරණයට එරෙහි ව රටපුරා මේ වනවිට විරෝධතා ආරම්භ කර තිබෙනවා.

එරට අගනුවර වන මොස්කව් සහ ශාන්ත පීටර්ස්බර්ග් නගරවල විරෝධතා දරුණු මට්ටමින් පැවැත්වෙන අතර, ඊට එක් වූ දහසකට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව යි විදෙස් වාර්තා සඳහන් කළේ.

ජනපති ව්ලැදිමීර් පුටින් සිය තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ රුසියාවෙන් පිට වන ගුවන් යානා සංඛ්‍යාව වැඩි වී ඇති බව ද වාර්තා වනවා.

යුක්රේනයට එරෙහි ව යුදමය තත්ත්වයට මුහුණ දීම සඳහා තම හමුදා බලඇණියේ සෙබලුන් වැඩි කිරීමේ අරමුණින් ලක්ෂ 3ක අතිරේක බලඇණියක් කැඳවීමට රුසියානු ජනාධිපතිවරයා ඊයේ (21) තීරණය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories