හෘදය අකර්මණ්‍ය වූ ගැබිනි මව සහ දරුවා සාර්ථක සිසේරියන් සැත්කමකින් බේරා ගැනෙයි (වීඩියෝ)

Friday, 23 September 2022 - 8:06

%E0%B7%84%E0%B7%98%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%B8%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
හෘදය අකර්මණ්‍ය වූ ගර්භණී මවකට සිසේරියන් සැත්කමක් සිදු කර දරුවා සහ මව යන දෙදෙනාගේම ජීවිත බේරා ගත් පුවතක් හලාවත දිස්ත්‍රික් මහ රෝහලෙන් වාර්තා වනවා.

පසුගිය අගහරුවාදා රාත්‍රි 11.25ට පමණ ගල්මුරුව ප්‍රදේශීය රෝහලේ සිට හලාවත මහ රෝහලට මාරු කර එවුණු අදාළ ගර්භණී මවගේ හෘදය අකර්මණ්‍ය වෙමින් ඇති බවට රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් හඳුනාගෙන ඇති අතර, ශල්‍යාගාරයට මව ඇතුළත් කර ඇත්තේ කඩිනමින් සිසේරියන් සැත්කම සිදු කිරීම සඳහා යි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ මවගේ හෘදය අකර්මණ්‍ය වී ඇති අතර, හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ගයාන් ද සිල්වා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ හෙද හෙදියන් මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අක්‍රීය වූ හෘදය කෘතිම ව ක්‍රියාත්මක කරවමින් සිසේරියන් සැත්කම සිදු කර තිබෙනවා.

සැත්කම සිදු කළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ගයාන් ද සිල්වා සඳහන් කළේ, 25 වසරක තම වෛද්‍ය වෘත්තීය ජීවිතය තුළ මෙවැනි අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දී නොමැති බව යි.

මේ වන විට මව සහ දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා මව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බවයි හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවආරච්චි සඳහන් කළේ.