ලාංකික කතුන් 85ක් ඩුබායි හි කළුවර කාමරයක

Friday, 23 September 2022 - 8:20

%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+85%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A9%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A
ශ්‍රී ලාංකික කාන්තාවන් 85 දෙනෙකු ඩුබායි හි රැඳවුම් කඳවුරක කාමරයක් තුළ සිර කරගෙන සිටින පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

මේ පිළිබඳ අනාවරණ වුණේ, එලෙස සිර කරගෙන සිටි කාන්තාවක් මෙරටට පැමිණීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් හෙළි කිරීමත් සමඟ යි.

දඹුලු‍ ඔය ප්‍රදේශයේ පදිංචි ලලිතා පද්මිණී නමැති එම කාන්තාව විදේශගත වී තිබුණේ, දඹුල්ලේ පිහිටි විදේශ රැකියා ආයතනයකින්.

ඇය ඩුබායි හි රැඳවුම් කඳවුරක මාස තුනක කාලයක් ගත කර තිබුණා.

මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට, දඹුල්ල පොලීසියට සහ විදේශගත කළ රැකියා නියෝජිත ආයතනයට දැනුම් දුන්නද මෙතෙක් තමන්ට කිසිදු සාධාරණයක් ඉටු වී නොමැති බවයි ඇය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

එසේම, දඹුල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික විදේශ රැකියා ආයතනය මගින්ම ඩුබායි රාජ්‍යය වෙත යැවූ කාන්තාවකගේ සහෝදරියක වන දුලිකා ප්‍රියන්තිද හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ, මේ වන විට තම සහෝදරියද ඩුබායි හි පීඩාවට පත්ව සිටින බව යි.