එක්සත් ජනපද නිත්‍ය නියෝජිතවරිය වන සින්ඩි මැකේන් දිවයිනට

Sunday, 25 September 2022 - 16:48

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AF+%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය සඳහා වන එක්සත් ජනපද නිත්‍ය නියෝජිතවරිය වන සින්ඩි මැකේන් සිව් දින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණියා.

දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්. ආර් . 654 දරණ යානයෙන් ඇය අද පස්වරු 04.30ට පමණ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කලේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ කැපවීම සහ මෙරට සමගින් පවතින හවුල්කාරිත්වය ශක්තිමත් කර ගැනීම සඳහා ඇය මෙම සංචාරයේ නිරත වන බව ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය මීට පෙර නිවේදනය කළා.

ලබන 28 වනදා දක්වා දිවයිනේ රැදී සිටින එක්සත් ජනපද නියෝජිතවරිය සාකච්ඡා කිහිපයකට එක්වීමට නියමිත අතර එක්සත් ජනපද අරමුදලින් ක්‍රියාත්මක වන මානුෂීය ආධාර වැඩසටහන්වල ප්‍රතිලාභීන් සහ ඒවා ක්‍රියාත්මක කරන්නන් ද මුණගැසෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories