නිදහස් පක්ෂ නායකයන් තැන් දෙකක දී බණ්ඩාරනායක ගුණ සමරයි (වීඩියෝ)

Monday, 26 September 2022 - 13:47

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරණායකගේ 63 වන ගුණසමරුව අද (26) පෙරවරුවේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සහභාගීත්වයෙන් ස්ථාන දෙකකදී පැවැත්වුණා.

හොරගොල්ල - බණ්ඩාරනායක සමාධිය අභියසදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුලු පවුලේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති එක් උත්සවයකට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද එක්ව සිටියා.

එමෙන්ම පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ අමාත්‍ය මහින්ද අමරවීර හා රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න සහ රංජිත් සියඹලාපිටිය ද එක්ව සිටීම විශේෂත්වයක්.

ඔවුන්ට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායකද එම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව පසුගියදා නව ලංකා නිදහස් පක්ෂය බිහිකළ එහි නායක කුමාර වෙල්ගම හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසළ පැවති ගුණානුස්මරණ උත්සවයට එක්ව සිටියා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් තවත් සැමරුමක් පැවැත්වුණේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුලු පිරිසක් එක්වුණා.

කෙසේ වෙතත් ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අභියස කිසිදු ගුණසමරු උත්සවයක් අද සංවිධාන කර තිබුණේ නැහැ.

ඒ පිළිබද අප කළ විමසීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ජන්ම දින සැමරුම ගාලුමුවදොරදී සිදුකළද ගුණානුස්මරණය එම පිළිරුව අසල දී සිදු නොකරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories