PUCSL සභාපතිට එරෙහිව ඇමති නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානමින්

Monday, 26 September 2022 - 14:07

PUCSL+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
මෙරටට ගෙන්වා ඇති බොරතෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳ ඛනිජතෙල් සංස්ථාව නීතිමය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බවයි.

විදුලි කප්පාදුව දිර්ඝ කිරීමක් සඳහා විදුලිබල මණ්ඩලය ඉල්ලුම් කර ඇත්තේ ලක්ෂපාන බලාගාරය බිඳවැටීම, ඩීසල්, දැවි තෙල් සහ ජල කළමනාකරණය සඳහා ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් බව ද අමාත්‍යවරයා සිය ටිවිටර් ගිණුමේ සදහන් කර තිබෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories