අභාවප්‍රාප්ත ෂින්සෝ අබේගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි (වීඩියෝ)

Tuesday, 27 September 2022 - 17:18

%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%82%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9D+%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9E%E0%B6%BB%E0%B7%80+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) එක්වුණා.

ටෝකියෝ නුවර නිපොන් බුඩොකාන් හිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවති අවමංගල්‍ය උත්සවයට පැමිණි ජනාධිපතිවරයා මල් කළඹක් තැන්පත් කර හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා.

අමෙරිකාවේ උප ජනාධිපති කමලා හැරිස්, ඉන්දීය අග්‍රාමාත්‍ය න්රේන්ද්‍ර මෝඩි, ඕස්ටේ්‍රලියානු අග්‍රාමාත්‍යවරයා සහ ජී හත සමුළුවේ නායකයින් ඇතුළු විදෙස් රාජ්‍ය නායකයින් රැසක් ඒ අතර වුණා.

1967 වර්ෂයේදී මියගිය ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ෂිගුරු යොෂීඩා ගේ රාජකීය අවමඟු‍ලෙන් පසු එරට පැවැත්වුණු පළමු රාජකීය අවමංගල්‍යය මෙයයි.

මේ අතර, මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමියන් සමඟ ප්‍රමුඛ කාර්යය භාරයක් ඉටුකිරීම සඳහා ජපාන රජය සූදානම් බව ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසි හයාෂි සහතික වී තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන විදේශ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදියි.

ජනාධිපතිවරයා හෙට දිනයේදී එරට අග්‍රාමාත්‍යවරයා, ජපාන අධිරාජ්‍යයා මෙන්ම ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් හමුවීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

මේ අතර ජනාපති රනිල් වික්‍රමසිංහ ටෝකියේ නුවරදී අද පෙරවරුවේ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලු‍ං හමුවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories