පීලිපැනපු රුහුණු කුමාරි ගැන 10 දෙනෙකුට එරෙහිව විමර්ශන ඇරඹෙයි (වීඩියෝ)

Tuesday, 27 September 2022 - 19:35

%E0%B6%B4%E0%B7%93%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B6%B4%E0%B7%94+%E0%B6%BB%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+10+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
දෙමටගොඩ ජලශක්ති ධාවනාගාරයට රැගෙන ආ රුහුණු කුමාරි දුම්රිය එම අංගනයේ නැවතීමේ සීමාව ඉක්මවා ධාවනය කරවීම හේතුවෙන් පීලිපැනීමට ලක්වී ඒ අසළ පිහිටි ගොඩනැගිල්ලකට හානි සිදුවී තිබෙනවා.

සේවා කටයුතු සඳහා අංගනය වෙත ගාල් කිරීමට රැගෙන ආ දුම්රියයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ අපරික්ෂාකාරීව දුම්රිය ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

එය ධාවනය කළ රියදුරු සහායකයාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට ද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී දුම්රිය ධාවනය කළ සේවකයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ඊට විරෝධය පළ කරමින් සේවයෙන් ඉවත්ව දුම්රිය රියදුරු සහයකයන් අද දහවල් වර්ජනයක් ආරම්භ කළා.

කෙසේ වෙතත් පසුව පාලනාධිකාරිය සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව වර්ජන ක්‍රියාමාර්ගය අත්හැරීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේදී සේවය කළ 10 දෙනෙකු සම්බන්ධයෙන් මූලික විමර්ශනයකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් මෙම සිද්ධියත් සමඟ එම අංගනයෙන් දුම්රිය පිටතට ගැනීමට බාධා මතුවීම නිසා අද පස්වරුවේ දුම්රිය ප්‍රමාදයක් ද හටගත්තා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories