ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාව සහාය දීමට සූදානම් බව චීන තානාපති කියයි

Tuesday, 27 September 2022 - 19:42

%E0%B6%95%E0%B6%B1%E0%B7%91%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ආහාර අනාරක්ෂිත බවින් පෙළෙන ලක්ෂ 63 ක් පමණ වන මෙරට ජනතාවට සහායවීමට තමන් ශ්‍රී ලංකාවට පැමිණි බව රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයේ එක්සත් ජනපද ස්ථිර නියෝජිත සින්ඩි මැකේන් ප්‍රකාශ කළා.

ඒ, කුලියාපිටිය - හග්ගමුව - ශ්‍රී රේවත රතනපාල විද්‍යාලයේ අද (27) සිදුකළ සංචාරයක් අතරතුරයි.

එම අවස්ථාවට මෙරට ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් ද එක්ව සිටියා.

මේ අතර ආසියානු සංවර්ධන බැංකුව තවදුරටත් ශ්‍රී ලංකාවට සහය ලබාදීමට සූදානම් බව එහි සභාපති මසට්සුගු අසකාවා ප්‍රකාශ කළා.

ඒ, පිලිපීනයේ පැවති සමුළුවකදියි.

මේ අතර මෙරට චීන තානාපති ෂී ෂෙන්හොං අද මාළඹේ පැවති වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කළේ ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට චීනයේ සහය ලබාදෙන බවයි.

මේ අතර ආර්ථික අර්බුදය හමුවේ මෙරට ජනතාවට පවුම් මිලියන 3 ක මානුෂීය සහන පැකේජයක් ලබාදීමට තීරණය කර ඇති බව බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories