කුණු මාළු ගැන විමර්ශන ඇරඹෙයි (වීඩියෝ)

Tuesday, 27 September 2022 - 20:15

%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
හිරු සී.අයි.ඒ. කළ හෙළිදරව්වක් අනුව මත පසුගිය 22 වැනිදා කටාන - හල්පේ ප්‍රදේශයේ අධි ශීතාගාර පහසුකම් සපයන ආයතනයක ගබඩා කිහිපයකට ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ නිලධාරීන් පිරිසක් පැමිණ මුද්‍රා තැබුවා.

ඒ දියර පොහොර සාදන මුවාවෙන් යන මිනිස් පරිභෝජනයට නුසුදුසු බලයා හා කෙලවල්ලන් මසුන් තොග පුත්තල - මදුරන්කුලිය ප්‍රදේශයට ගෙන ගොස් ඒවා යළි වෙළඳපලට නිකුත් කරන බවට මතු වු සැකය හේතුවෙන්.

ශ්‍රී ලංකා රේගුව මෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ නොමද අනුග්‍රහයෙන් මෙම ජාවාරම සිදුකර ගෙන ගොස් තිබුනේ මෙරට සෞඛ්‍ය නීතී රීති අමුඅමුවේ උල්ලංඝනය කරමින් බව අප එහිදී හෙළි කළා.

මිනිසුන්ගේ නොව සතුන්ගේ පරිභෝජනයට පවා නුසුදුසු මෙම නරක් වු මත්ස්‍ය තොග වෙළඳපලට නිකුත් කිරීමේ ජාවාරම රට හමුවේ අනාවරණය වන්නේ මෙම ස්ථානයෙන් පිටක කුණු මාළු කිලෝ ග්රෑම් 5670 ක් අඩංගු ලොරියක් හිරු සී.අයි.ඒ. දුන් තොරතුරු අනුව කොච්චිකඩේ පොලිස් නිලධාරීන් විසින් වටලනු ලැබීමෙන් අනතුරුවයි.

ඉන් අනතුරුව හිරු සී.අයි.ඒ. හෙළිකලේ කටාන - හල්පේ ප්‍රදේශයේ අධි ශීතාගාර කුලී පදනම මත ලබාදෙන ආයතනයක නරක් වූ කුණු මාළු විශාල තොගයක් ගබඩා කර ඇති බවයි.

ඒ අනුවයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගේ අධීක්ෂණයෙන් කටාන සහ දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමඟ මහජන සෞඛ්‍ය
පරීක්ෂකවරුන් මෙම ස්ථානය පරීක්ෂා කර මෙම අධිශීතාගාරවලට පසුගිය 23 වැනිදා මුද්‍රා තැබුවේ.

ඊයේ දිනයේදී සෞඛ්‍ය නිලධාරීන් ඉදිරි පරීක්ෂණ සඳහා මෙම එම මාළු තොගවල සාම්පල් ලබාගැනීමට කටයුතු කළා.

මාස ගණනාවක් පුරා ශීතාගාරවල ගබඩා කර තබා තිබු බැවින් මෙම මසුන්ගේ කොටස් ලබාගැනීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවුණා.

පසුව යාන්ත්‍රික මෙවලම් භාවිතයෙන් මත්ස්‍ය කොටස් ලබාගැනීමටයි කටයුතු කෙරුණේ.

මෙම සාම්පල නාරා ආයතනයට, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට හා වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යැවීමටයි කටයුතු කෙරුණේ.

මත්ස්‍ය සාම්පලවල වාර්තා ලැබෙනතුරු යලිත් මෙම අධිශීතාගාරවලට මුද්‍රතැබුනු අතර මේ පිළිබඳ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඒ පිළිබඳව කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය නිලධාරීන් හිරු සී.අයි.ඒ.වෙත ප්‍රකාශ කලේ.

හිරු CIA ලබාදුන් තොරතුරු මත නරක් වූ මාළු කිලෝ ග්රෑම් 5670 ක් රැගත් ලොරියක් කොච්චිකඩේ පොලිසිය විසින් වටලනු ලැබුවා.

කටාන - හල්පේ ප්‍රදේශයේ නරක් වූ මාළු ගබඩා කර තිබූ අධි ශීතාගාර කිහිපයකට ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ නිලධාරීන් විසින් මුද්‍රා තැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories