2022 ඔක්තෝම්බර් මස අවසන් වන විට ශ්‍රී ලංකා මහා බැංකුව සතු දළ නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් බව මහ බැංකු ආරංචි මාර්ග පවසනවා.
මේ අතරින් ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක් චීන මහජන බැංකුව හරහා ලබාගත් මූල්‍ය හුවමාරු පහසුකම යටතේ ලද මුදල් ප්‍රමාණයක් වන අතර එම මුදල් වැය කළ යුත්තේ චීන ශ්‍රී ලංකා මූල්‍ය හුවමාරු ගිවිසුමට අනුකූලවයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට මේ වන විට නිදහසේ වැය කළ හැක්කේ ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක පමණ මුදලක් පමණක් බවයි මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් විදේශ විනිමය හිඟය මධ්‍යයේ ආනයන සඳහා සීමා පැනවීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හේතුවෙන් ශක්තිමත් අපනයන ඉපැයීම් සහ ආනයන වියදම්වල සැලකිය යුතු අඩුවීමක් සිදු වීම හේතුවෙන් 2022 ඔක්තොම්බර් මාසයෙන් අවසන් වන මාස දහය සඳහා වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු වූ බව ද මහ බැංකුව පවසයි.
මේ අතර පසුගිය මාස කිහිපය තුළ විදේශ රැකියා සඳහා පිටත්වීම් ඉහළ යාමත් සමඟ ඉදිරි කාලසීමාව තුළ විදෙස් ප්‍රේෂණ වැඩිදියුණු වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරන අතර ම, සංචාරක පැමිණීම් සඳහා එළඹෙන සමය සැලකිල්ලට ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවක් ද බලාපොරොත්තු වනවා.
එමෙන්ම, දේශීය හා ගෝලීය වශයෙන් වත්මන් සහ අපේක්ෂිත වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2022 නොවැම්බර් 23 වැනි දින පැවති රැස්වීමේ දී, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) තව දුරටත් ස්ථාවර අගයක පවත්වා ගැනීමට තීරණය කළ අතර ඒ අනුව මහ බැංකුවේ ණය දීමේ පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් 14.50% සහ 15.50% පවතිනු ඇති.

Follow US

Most Viewed Stories