මෙරට වගා හානි සිදු කරන සතුන් පිළිබඳව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය විසින් සැකසූ වාර්තාව අධ්‍යයනය කර වගාවන්වලට සිදුවන සත්ත්ව හානි පිළිබඳව සම්පූර්ණ විසඳුම් ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ, ඒ සඳහා අවම තරමින් තවත් මාස දෙකක කාලයක්වත් ගත් වනු ඇති බවටයි.
වනසත්ත්ව හානි පිළිබඳ ව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතන විසින් සකසන ලද වාර්තාව කෘෂිකර්ම හා වනජීවී අමාත්‍යවරයා වෙත භාර දීම සහ පරිසර සංවිධාන, සත්ත්ව සංවිධාන අතර හමුවක් අද (24) දහවල් වනජීවී අමාත්‍යාංශය දී පැවැත්වුණා.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ වාර්තාවට අනුව මෙරට වගාවන්ට දැඩි හානි සිදු වී ඇත්තේ රිලවා, උරූ මීයා, මොනරා, දඬු ලේනා යන සත්වයින්ගෙන් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
මෙම සත්වයින්ගෙන් විශේෂයෙන් කුඹුරු සහ පොල් වගා කරන ගොවියන්ට දැඩි හානි සිදු වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙනවා.
මෙහිදී අදහස් දක්වමින් ගොවි පර්යේෂණ ආයතනයෙ නිළධාරිනියක් පවසා සිටියේ හම්බන්තොට සහ පොල් ත්‍රිකෝණ ආශිත්‍ර ප්‍රදේශවල වගාවන්ට මෙම වන සතුන්ගෙන් දැඩි හානි සිදු වී ඇති බව මෙම වාර්තාව පෙන්වා දෙන බවයි.
ඇය වැඩිදුරටත් පවසා සිටියේ විශේෂයෙන් රිලවුන් ගෙවල්වලට පැන ශීතකරණවල කෑම බීම සහ බත් මුට්ටි ද රැගෙන යන බවත්, ගෑණු අයගේ ඇඟට පනින බවත්, ගෙවල්වල උළු ඉවත් කර දමන බවත් වාර්තා වී ඇති බවයි.
අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මෙම ගැටළුවට වන විසඳුම් දැන් ප්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැති බවත් වාර්තාව ඉතා හොඳින් නිරීක්ෂණය කර මාස දෙකක් ඇතුළත ඔහුගේ නිර්දේශ ලබා දී මෙම ගැටළුව සහමුලින්ම පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් ය.
මෙම අවස්ථාවට පරිසර සංවිධාන නියෝජනය කරමින් පරිසරවේදි නයනක රන්වැල්ල ද එක් වී සිටි අතර, ඔහු කියා සිටියේ පැවැති සාකච්ඡාවල දී මෙම සතුන්ට හානියක් සිදුවන ආකාරයේ කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකරන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා පොරොන්දු වූ බවයි.

Follow US

Most Viewed Stories