ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ලවූ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ඊ. කුෂාන් නැමැත්තාගේ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය විදේශ කටයුතු අමාත්‍යංශය විසින් අවලංගු කර තිබෙනවා.
පසුගියදා ඕමානයේ සිට මෙරටට පැමිණි කාන්තාවක් ඊ. කුෂාන් නැමැත්තාට චෝදනා එල්ලකරමින් ප්‍රකාශ කළේ ඔහු විසින් තමාට බලහත්කාරකම් කළ බවටයි.
කෙසේ වෙතත් තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ඊ. කුෂාන් අද යළිත් වරක් ඕමානයේ සිට අදහස් දක්වමින් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ තමන් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
එමෙන්ම රැකියා සඳහා ඕමානයට ගොස් සිටින කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන මස 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ ඊට අදාළ නඩුව අද මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
ඕමාන මිනිස් ජාවාරම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ අනාවරණයෙන් පසුව ප්‍රධාන සැකකාර මොහොමඩ් රිස්වි මොහොමඩ් ඉන්ෆාසා නැමැත්තා පසුගිය 19 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක ගුවන්තොටුපළේදීයි.
එමෙන්ම ඔහුගේ නියෝජිත උප තැරැව්කරුවෙකුද පසුගිය ඉරිදා අවිස්සාවේල්ල - පුවක්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහු ද ලබන මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.
මීට අමතරව කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ තැරැව්කාරියක්ද අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරුණා.

Follow US

Most Viewed Stories