බම්බලපිටිය දුම්රිය නැවතුමේ දී ගාල්ල බලා ධාවනය වූ ගාලු කුමාරි දුම්රිය කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් ක්‍රියා විරහිත වී තිබෙනවා.
මේ හේතුවෙන් එම දුම්රිය පසුපස පැමිණි තවත් දුම්රිය දෙකක් සිය ගමනාන්තයන් කරා යාමට නොහැකිව බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ නවත්වා ඇති බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.
සවස 3.45ට කොළඹ කොටුවෙන් පිටත් වූ ගාලු කුමාරි දුම්රියේ තිරිංග පද්ධතිය සිරවීම හේතුවෙන් මෙලෙස බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දී නැවතී තිබෙනවා.
කෙසේවෙතත් පැයකට අධික කාලයක් පුරා සිදුකළ හදිසි අලුත්වැඩියා කටයුතුවලින් පසු ගාලු කුමාරි දුම්රිය නැවත ධාවනයට සුදුසු තත්ත්වයට පත්කර ගැනීමට හැකි වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මේ හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දැඩි මගී තදබදයක් ද හටගෙන තිබෙනවා.

Follow US

Most Viewed Stories